🐱 Chapter 20 🐱

1.7K 362 28
                                    

Xiao Zhan's P.O.V


" උඹ මාව මෙච්චර දුර එක්කන් ආවේ කෑම කන්නද...!"

ගමනක් යන්න කියලා අඩගහන් ඇවිත් වෙන කොහෙදෝ ගෙනහිල්ලා අන්තිමට නැවත්තුවේ රෙස්ටුරන්ට් එකක...ඒකත් කමක් නැහැ කියමුකෝ..මූ පාර දිගේම තියෙන රෙස්ටුරන්ට් කියක්නම් පහු කරලා හුෂෙන් වලටම ආවද කන්න... ටියැන්ජි ඉදන් මේහෙට බස් එකේ එන්න පැය දෙකක්වත් යනවා...

" මේකේ කෑම රහයි..අනි..ක මෙතන වැඩ කරන කෙල්ලෝ ඊටත් වැඩිය රහයි..."

ලියාන් මට ඇහැක් ගහලා මෙතන ඉන්න කෙල්ලෝන්ගේ වරුණ කියනකොට මූත් එක්ක ආපු මෝඩකමට මට හිතුනේම මේසේ ඔලුව හප්පගන්න...

' මූ ඇවිත් තියෙන්නේ කෙල්ලෝ බලන්න...'

" උඹ කැමති කෑමක් කාපන්...මම කාර් එකට වෙලා ඉන්නම්..."

ඇයි යකෝ..මූට ලව් කරන්න මම අමාරුවෙන් හම්බකරපු සල්ලි එක වේලකට වියදන්න කරන්න...

තැනේ හැටියට එදා පෙයි ෂිලා කෑව ගානම අදත් දෙන්න වෙයි කියලා හිතුන මම නැගිට්ටේ එලියට යන්න..ඒත් මගේ ඇද්ද ලියාන් මාව ආයේ ඉන්දුවා..

" හරි හරි බන්..උබ ඕන දෙයක් කාපන් මම බිල ගෙවන්නම්...උබට තියෙන්නේ මෙතන මැනේජර් ආවම කෑම ගැන විස්තර අහ අහ ටික වෙලාවක් ඒකිව මෙතන තියාගන්න... උබ චෙෆා නිසයි උබව මෙතනට ඇදගෙන ආවේ..."

" ඕහ්..එතකොට මෙතන මැනේජර් නෝනටද උබ ලව්..."

" උබට මාන්දමද... ලව් නෙමෙයි හිලව්..මම ඒකිගේ දකින්න ඕන ඔක්කොම දැක්කා.. "

ලියාන් ගානක් නැතුව කිව්වට මගේ ඇස් උඩ ගියා..

" මොකක්..!"

" වන් නයිට් ස්ටැන්ඩ්      එකක්...පාටියකදී ඕකිව මට සෙට් වුනේ... ඒත් ඊටපස්සේ මේකි මාව ඩෝන්ට් කෙයා කලානේ බන්.. මට ඕන තව එක පාරක් ඒකිගේ රහ බලන්න..."

තොලත් දිවෙන් තෙත් කරන ගමන් ඌ කියනකොට මගේ බඩ දගලන්න ගත්තා..ආදරේ නැතුව එකියෙක් එක්ක නිදාගෙන මෙතන මට උඩ දාගෙන ලැජ්ජාවක් නැතුව කියන හැටි..නිදාගත්ත ඌට ලැජ්ජාවක් නැති වුනාට අහන් හිටිය මගේ කන් දෙක රත් වුනා ලැජ්ජාවට...

Black Cat ( YIZHAN FF ) ✔️✔️Where stories live. Discover now