Xiao Zhan's P.O.V
" ඔය හේතු නොතිබුනා නම් තමුන් මට ආදරේ කරයිද...??"
" මොකක්ද...?"
මම ඇහුවේ එක පාරට එයා කිව්ව දේ තේරුම් ගන්න බැරුව...
" හේතුවක් ඇතිවෙන ආදරේට ඒ හේතුව නැති වුනාම මොකක්ද වෙන්නේ...? "
" ම්..ම..එහෙම වෙන්නේ-"
" අනුකම්පාවයි ආදරේයි පටලව ගන්න එපා ජාන්..තමුන්ගේ අසරණ කමටයි මට තමුන්ට උදව් කලේ...ඒක තමුන් වැරදියට තේරුම් අරගෙන...තමුන් හැරෙන්න වෙන එකෙක් එතන හිටියත් මම දෙපාරක් නොහිතා උදව් කරනවා මොකද ඒක මගේ මනුස්ස කම.. එහෙම උදව් කරපු පලියට ආදරේ කරනවා කියාගෙන එක එකා පස්සෙන් ආවම මම මොකද කරන්නේ...? අනික තව දවසකින් තව එකෙක් උදව් කරන්න ආවත් ඌටත් තමුන් ආදරේ කියන්න යනවද..??"
එයා අහන ප්‍රශ්න වලට මට උත්තර දීගන්න බැරුව තොල් පට වෙව්ලන්න ගත්තා..කතා කරන්න ඕන වුවමනාවට උගුරු ඇටේ ඉහල පහල යනවා මටම තේරුනට අවුරුදු ගානක් වතුර නොබීපු එකෙක් මගේ වගේ උගුර කට වේලිලා තිබුන්...
" ජාන් ඔයාගේ sexuality එකට අපහස කරනවා නෙමෙයි ඒත් කෙනෙක්ට ආදරේ කරන්න කලින් අනිත් කෙනාගේ sexuality එක ගැනත් හිතන්න...ඔයා gay වුන පලියට ඔයාට හිත යන කෙනා එහෙම නොවෙන්න පුලුවන්...එහෙම කෙනෙක්ට කොච්චර ආදරේ කලත් හරියට මුනින් අතට හරවපු කලේකට වතුර පුරවන්න යනවා වගේ ඒක නිෂ්පල වැඩක්..ඔය මට ආදරෙයි කියාගෙන ආවට අඩුම දන්නවද මගේ Sexual orientation එක..?"
' ආදරේ විතරක් හදුනන හදවතකට ඕවා තේරුම් ගන්න පුලුවන්ද ...'
එයාට උත්තර නොදී මම මගේ හිතින්ම ප්‍රශ්න කලා..
" මම straight..අනික මේ වෙනකොටත් මම බදින්න කෙනෙක් ඉන්නවා..."
මෙච්චර වෙලා අවසිහියෙන් වගේ ඔහේ බිම බලන් හිටිය මම එයාට බදින්න කෙනෙක් ඉන්නවා කිව්වම එකපාරට ඒ ඇස් දිහා බැලුවේ බයෙන්..
ජිවිතේ ඕනතරම් මිනිස්සු උදව් ගන්න හරි මට ලං වෙලා ඊටපස්සේ මූනටම බැනලා යන්න ගියත් ඒ කිසි කෙනෙක් නැති වේවි කියලා බය නොව්න මම එයාට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා කියනකොට කෙනෙක් නැති වේවි කියන බය ජිවිතේ පලවෙනි වතාවට මට දැනෙන්න ගත්තා...
BINABASA MO ANG
Black Cat ( YIZHAN FF ) ✔️✔️
FanfictionDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚