4 Capture - අමුතු මතකයන්

2.2K 400 62
                                    

The Vampire Spirit


ශාන් ජින්ලි එක්ක වාහනයේ වාඩි වෙලා ජනේලයෙන් එහා බලාගෙන හිටියා... ශාන් කල්පනා කරේ Vampire Spirit පොත ගැන...
එයාට කොච්චර ජින්ලි බැන්නත් ශාන්ට ඒ පොතේ අද්භූත ගතියක් හොඳටම දැනුනා.

වෙලාවකට ඒ දේවල් හීනෙන් හැබෑවටම වගේ පෙනුනත් එයාට උදේ වෙද්දී සමහර දේවල් අමතක උනා..
තවත් දවස්වල සේරම මතක තිබුණත් හැමදාම වගේ Vampire Soulmatesලාගේ මූනු බොඳ වුනා..
ඒත් කටහඬවල් ශාන් හොඳින් මතක තියාගත්තා...
මොකද එයාට සැරෙන් සැරේ පියවි සිහියෙන් ඉන්නකොටත් ඒ කටහඬවල් ඇහුන නිසා..

කන්වල සැරෙන් සැරේ ගැඹුරු නමුත් වේදනාත්මක හඬකින් මගේ ඇරෝ කියන හඬ දෝංකාර දුන්නා...
ඒ වගේම මගේ බෝ කියන ගැඹුරු නැතිමුත් වේදනාත්මක හඬක් දෝංකාර දුන්නා... ..
ශාන් මුලින් භය උනත් පස්සේ එයාගේ හිතලුවක් කියල දැඩිව හිතට කාවද්දවා ගත්ත නිසා පස්සේ පස්සේ ශාන්ට ඒවා ඇහෙන එක අඩු වෙලා දැන් නතරම වෙලා තිබුණා..
ඒත් කවදාවත් හීන දකින එක නැවතුනේ නෑ...
ඒ වගේම කවදාවත් එයාගේ නින්දට බාධා වෙන එක නතර වුනෙත් නෑ..

උදේ ශාන් Vampire Spirit පොත බලද්දී ආපහු ඒ කතාව ඒ විදියටම තිබ්බා...
ඒත් අවසාන පිටු හිස්ව...
හරියට තාමත් අසම්පූර්ණ වුන කතාවක් ලියන්න කවුරුහරි ඉඩක් ඉතුරු කරලා වගෙයි..
ශාන් රෑ පෑනක් අරගෙන ඒකේ කටු ගාන්න උත්සහ කරත් කිසිම දෙයක් ඒ පොතේ ඇදුණේ නෑ.
ගෑවෙන තීන්ත තප්පර කීපයකින් බොඳ වී බොඳ වී ගිහින් පොතට උරාගෙන අතුරුදහන් වෙලා ගියා..
ශාන් ඒකට බය වෙලා පොත බිමට අතෑරියත් ආපහු ශාන්ම ඒක අහුලගෙන පරිස්සමෙන් ලාච්චුවට දැම්මා..
ශාන්ට හිතුනේ එයාට ඒක එයාට අයිති වස්තුවක් වගේ හැඟීමක්..
ශාන් පුස්තකාලයෙන් ඒක හොරකන් කරලා පුස්තකාලයට එවැනි වටිනාකමකින් යුක්ත පොත් දහයක් පමණ ගන්නට මුදල් ලබා දුන්නා..
ඒ නිසා ශාන් නිරායාසයෙන්ම ඒක එයාගේ දේපලක් විදියට හිතාගත්තා...

" ශානා..."

" අඩෝ..."

" අඩෝ ශානා..?"

" ම්හ්..අහ්...??"

ශාන් ජින්ලිගේ හඩට ගැස්සිලා ගියා..

🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg ) Where stories live. Discover now