42 Capture - Green Flash Man

1.5K 323 57
                                    

The Vampire Spirit


" පරිස්සමෙන් යන්න මගේ පැටියා."

යීබෝ ශාන්ගේ නලලත හාදුවක් තියද්දී යීබෝ දැක්කේ ශාන්ගේ ඇස් වරින් වර පාට තුනකට වෙනස් වෙනවා... යීබෝ ඒත් ඒක ඒ තරම් ගනන් ගත්තේ නෑ...

ලා කොළ පාටින් දිලිසෙන ඇස්වලින් ශාන් කෑම කාලා ඇවිත් යීබෝගේ අතේ හුරතල් විදියට එල්ලුනාම යීබෝගේ හිත පිරිලා ඉතිරිලා ගියේ ලස්සන හිනාවකිනුත් එක්කයි...
යීබෝ ආසාවෙන් එයාගේ ශාන් හුරතල් අද දවසේ වෙනස්ම විදියට හැසිරෙන ශාන් දිහා බල බලා වාහනයට නැග්ගා..
නගින්න කලින් එයා ශාන්ට දොර අරින්නත් අමතක කළේ නෑ..
ශාන් හිනාවෙලා සතුටින් කා එකට නැග්ගා..

මේ සේරම දිහා marvel බලාගෙන හිටියේ දිලිසෙන ඇස්වලින්....
ශාන් යීබෝ දිහා හුරතල් විදියට බලාගෙන බනී හිනාවත් එළියට දාලා passenger seat එකේ වාඩි වෙලා බෙල්ට් එක දාගත්තා..
ජෙරී එක්ක බූබූයි රෝසියි පිටිපස්සෙන් වාඩි වෙනද්දී යීබෝ ඒ හුරතලේට හිනාවෙලා ශාන්ගේ කම්මුලක් මිරිකලා වාහනය ස්ටාර්ට් කරා..
උදේම ශාන්ගේ තිබ්බ සතුටුදායක මුහුණ නිසා යීබෝගේ හිතත් සතුටින් පිරිලා තිබුනා..
ඒත් යීබෝ අද චූටි පුතාගේ අමුතු වෙනස ගැන හිත යටින් පුදුම උනා...
අද ලෝකය දැක්කා වගේ පාර දිහා බල බලා

" වාව් වාව් තාත්තී "

ගගා එන එයාගේ චූටි පුතා ගැන යීබෝ බල බලා ආවේ පුදුමයෙන් වගේම ලොකු ආසාවකින්...

කොලේජ් එකට ආවම යීබෝ බහින්න කලින් ශාන්ගේ නලලට හාදුවක් තියලා ආපහු කම්මුලටත් හාදුවක් දුන්නේ හිත පිනාගිය සතුටකිනුයි....
පලවෙනි වතාවට එයා එයාගේ පුතා එක්ක සාමකාමී උන එක ගැන යීබෝ ගොඩක් සතුටු උනා...
ශාන් හිනාවෙලා සතුටින් වාහනෙන් බහිද්දී යීබෝත් වාහනයෙන් බැහැලා අත් දෙක බැඳන් වාහනයට හේත්තුවක් දැම්මා..
ජෙරී බූබූගේ පටියෙන් අල්ල ගනිද්දී ශාන් රෝසිව අත් දෙකට ගත්තේ පූජ කරන්න මලක් නෙලා ගන්න තරමට පරිස්සමෙනුයි..
රෝසිත් ශාන්ගේ උණුසුමට ගුලිවෙලා තුරුළුවෙද්දී ශාන් ඈතට ගිහින් ආපහු යීබෝ එක්ක හැරිලා බැලුවා.
යීබෝ හිනාවෙද්දී ශාන් ඈත ඉදලම දත් සේරම එළියට දාලා හිනාවෙලා අතක් වැනුවා...
එකපාරටම ඒ කියුට් හැසිරීමට යීබෝ ශොක් වෙලා යද්දී ඊලඟ මොහොතේ යීබෝගේ අත නිකන්ම උඩට ඉස්සිලා wave උනා...

🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg ) Where stories live. Discover now