🦇️ක්‍රි.ව 1520 වසර🦇️
උතුමාණෙනි ඔවුන් අපව වටකොට අවසානයි...
"කිමද...? කිමද මේ පාවා දීම...ඔවුන් පැවසූවේ අප නිදහස් බවයි...
ඔවුන් අප ඔවුන්ගේ සමාජයේම කොටස් කරුවන් ලෙස පිළිගනු ලබන බවයි..""සමාවන්න උතුමාණෙනි ඒ සියල්ල රැවටීමක්... තුච්ච මිනිසුන් අපිව මුලාවේ දමා අවසන්..."
" නොහැකියි...........නොහැකියි............"
" උතුමාණෙනි අප අමරණීයයි..ඒ නිසා ඔවුන්ට අපට කිසිවක් කළ නොහැකියි..."
සුවිසල් මෙන්ම අදුරු කළුගල්වලින් ගොඩනැඟී ඇති තේජවන්ත ගුප්ත මාළිඟාවකි....එය පිහිටා ඇත්තේ මහා වනාන්තරයක් සහ ගංගාවක් මධ්‍යයේ ය....
එම සුන්දරත්වය සහ ගුප්තබව තව තවත් වැඩි කරමින් එම මාළිඟය මධ්‍යයේ එක්තරා වියරු වැටුණු සුදුමැලි පැහැති මිනිසෙකි....
ඔහු තම අඩි සීතල පොලව මත ගසමින් කෑගසන්නට විය...
බිත්ති පුරා තැනින් තැන සිටි මකුළුවන් පවා එම කෝපාන්විත හඩ නිසා විසිරී සැඟවෙන්නට වූ අතර , මාළිඟය වටා දැල්වෙන ගිනිපෙනෙලිවල සෙවනැලි පවා ඒ හඬට බියෙන් තැතිගෙන ආලෝකය අඩු කරන්නට පටන් ගත්තේය...
ඔහු සුදුමැලි නමුත් අඟනා රූසපුවක් දරන්නේ ය...
එම අතිශය කඩවසම් බව දුටුවන් වශී කරවන අතර
ලා රක්ත වර්ණ දෙනෙත් මෙන්ම තද රක්ත වර්ණ දෙතොල් සඟලක් හිමි නමුත් ඔහුගෙන් එවිට පෙනුනේ භයානක ස්වරූපයකි....
ඔහු ඔහුගේ රජාසනයේ වාඩි වී පහලට නෙරා නොමැති සැඟව තිබූ දත් කෑගසා පිටතට ගෙන තව තවත් විලිස්සන්නට විය...
තම දෙපා පාමුල සිටින කාලවර්ණ දිවියාගේ හිස වරක් පිරිමැද අසල කූඩුවක දමා සිටි උකුස්සෙකු ඔහු පිටතට ගත්තේය..
මද වෙලාවක් උකුස්සා භීතියෙන් තටු සලන අයුරු ඔහු බලාසිටියේ සමච්චල් සහගත අයුරිනි..
එසැනකින් ඔහු භීතියෙන් පිරි කුරුල්ලාගේ ගෙල කඩා ලේ උරා බොන්නට විය..
පිරිපුන් උකුස්සා සුදුමැලිව කොඩෑරි වී ගිය අතර අවසානයේ ඔහු දිවියා අසලට එම විශාල පියාපත් ඇති උකුස්සා විසිකර දැමුවේය...
පසුව දෙතොල් අතර රැදි රුධිරය ඔහු දිවෙන් ඉතා කෑදරකමින් ලෙවකා හිස ඔසවා දෑස් තද කරගත්තේය....
ESTÃS LEYENDO
đĻī¸đTHE VAMPIRE SPIRITđĻī¸(YizhanFFâī¸đmprg )
Fanficāļāļāˇāļ¸āˇāļĢāļąāˇ āļ āˇāļ¯āˇāˇāˇāļŊāˇ... āļāļāˇāļ¸āļē āļ āˇāļ¯āˇāˇāˇāļŊāˇ........ āļāˇāˇ āļāˇāˇāļāˇ āˇāļģāˇāļģāļē āļāˇāļ´āļāļŊāˇ.... āļāļāˇāļ¸āˇāļĢāļąāˇ āˇāˇāļąāˇāˇāˇāļąāˇ āļāˇāļ´āļāļŊāˇ... āļ āļ¯ āļāļ¸āļēāˇ āļ¯āˇāˇ.... āˇāˇāļģ āļ´āļąāˇāˇāˇāļēāļēāļāˇāļąāˇ āļ´āˇāļ¸āˇāļĢāˇ āļ āļ¯āˇāˇ..... āˇāļąāˇāļāˇ āļāļāˇāļ¸āˇāļĢāļąāˇ āļ āļ¸āļģāļĢāˇāļēāļēāˇ... āļ¯āˇāļąāˇ āļāˇāˇāˇāˇāˇāļāˇāļ§ āļļāˇ āļāˇāˇāˇ āļ´āļģāˇāļĸāļē āļāļģāļąāˇāļą.... āļāˇāˇāˇāˇāˇāļāˇāļ§āˇāļāˇ āļļāˇ...........