8 Capture -රස මිනිහා

2.1K 403 178
                                    

The Vampire Spirit

ශාන්ට දැනුනේ යීබෝ ලඟින් දැඩි සීතලක්...ඒත් ශාන් ඒ සීතට තප්පරයකට ප්‍රිය කරන්නට පටන් ගත්තා... ඒ සීත කපාගෙන සඳුන් සුවඳක් දැනෙද්දී ශාන්ට ඒ සඳුන් සුවඳෙ හුරුපුරුදු ගතියක් දැනුනා..

Vampire කෙනෙක් උනාට ඇයි එයා ලඟින් ලේ ගඳ නැතුව සඳුන් සුවඳක් දැනෙන්නේ කියලා ශාන් කල්පනා කරන්නට පටන් ගනිද්දී ශාන් යීබෝගෙන් එන ඒ සුවඳ තවත් විඳින්න ඇස් පියාගත්තා..
ඒත් එක්කම යීබෝට දැනුනේ මේ රස මිනිහා එයාගේ පපුවට තවත් තුරුළු වෙන බවක්....
යීබෝගේ පපුවට අමුත්තක් දැනෙද්දී යීබෝ ශාන්ගේ ස්පර්ශයට තවත් ආස උනා ඒක ලේ පිපාස වැම්පයර් කෙනෙක් ගොඳුරක් කෙරෙහි දක්වන ආසාවට වඩා හාත්පසින්ම වෙනස් අමුතුම හැඟීමක්....




ඒත්...යීබෝ නොසිතූ මොහොතක දී ,




ශාන් යීබෝගේ කම්මුලට වේගෙන් ගැහුවේ යීබෝව එහාට තල්ලු කරගෙනයි... එකවරම වැදුණු කම්මුල් පාර නිසා යීබෝගේ ඇස් කේන්තියෙන් රතු උනා..
මූනත් පාත් කරගෙන එයා නැගුනු කේන්තිය පාලනය කරන්නට උත්සහ කරත් දරාගන්නට අමාරුම තැන ... යීබෝත් එයාගේ අත වේගයෙන් ශාන්ගේ කම්මුලට ලං කරනකොටම ශාන් ඇස් තද කරගත්තා..
යීබෝට තප්පරයකට එයාගේ ඇරගෝන් එක්ක බොඳ වුනු මතකයක් මතක් වෙද්දී යීබෝ අත එහෙමම තියාගෙන කල්පනා කරා...
ඒත් ඊලඟ මොහොතේ යීබෝගේ අතට දැනුනේ දැඩි වේදනාවක්...
ශාන් එකපාරටම යීබෝගේ අත හයියෙන් හපලා දොරත් ඇරගෙන එළියට දුවන්න පටන් ගත්තා... ඒත් ශාන් කළුවරේම පඩි 30ක් පමණ තියන පඩිපෙලේ උඩම එකෙන් කකුල පැටලිලා බිමට ඇදගෙන වැටෙන්න පටන් ගත්තා....
ශාන් එක පඩියක් ඇදෙගෙන වැටෙන්න යද්දී ශාන්ගේ ඉනට දැනුනේ සීතලක්....

" මම උඹට කිව්වා.. බොරු වැඩ කරන්න එපා උඹට මෙහෙන් එළියට අඩියක්වත් තියන්න බෑ කියලා.. නිකන් මැරුම් නොකා දෙන දේ කාලා වෙන දේ බලාගෙන හිටපං.."

ශාන් ඒ ගැඹුරු හඬ නිසා එයාගේ එක ඇහැක් ඇරලා බැලුවත් දැක්කේ අඳුර අඳුරම විතරයි...

" අනේ පේන්නෑ...පේන්නෑ අනේ... බයයි.....යීබෝ අනේ......පේන්නෑනේ......."

ශාන් යීබෝගේ කන ගාව මර හයියෙන් කළුවරයි පේන්නෑ ගගා අඩන්න ගත්තම යීබෝගේ සංවේදී කන්වලට ඒක මහ කරච්චලයක් උනා....

🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg ) Where stories live. Discover now