The Vampire Spirit
" අනික උඹට කොහෙන් ආපු හයියක් ද මගේ ඇරෝගේ කාමරේට යන්න තරම්...."
යීබෝ වියරු රතු පාට ඇස්වලින් ලූකස්ව බාගෙට මරද්දී ඇස් වටේ ඇදුණු කළු පැහැති නහර වැල් දැකලා ලූකස් බියට පත් වුනා....
(මේවගේ බෝගේ රතු ඇස් මවාගන්න )
" උඹ මේ ඇස්වලින් නේද මගේ කොල්ල දිහා බැලුවේ..."
යීබෝ එකවරම එයාගේ කළු පැහැති දිගු නියපොතුවලින් ලූකස්ට හැරෙන්නටවත් වෙලාවක් නොදී ලූකස්ගේ ඇස් දෙක ගලවලා අල්ලට අරන් ඇඟිලිවලින් පොඩි කරලා ලේ පිටින්ම බිමට දාලා ලොකු බූට් සපත්තුවෙන් පෑගුවා...ලූකස් වේදනාවෙන් ලේ බේරෙන ඇස් දෙක අල්ලගෙන මහ අදෝනාවකින් කෑ ගසද්දී කැලේ ඉන්න සත්තු පවා බයෙන් විසිරිලා ඈතට පියැඹුවා..
" මම කිව්වා.... අනික මම උඹේ රජතුමා.. උඹ කොහොමද මට ඔය වගේ ලේසි විදියට කතා කරන්නේ...අනික උඹ දැනගනින් උඹ බැලුවේ උඹේ රැජිණ දිහා කියලා... "
" මට සමාවෙන්න රජතුමනි .. ඒත් මගේ කට්ටිය ඔයාව අතාරින එකක් නෑ.. එයාලා මාව එව්වේ ගනුදෙනුවකට..."
" ආවේ ඒකටනම් උඹට තිබුණා වැදගත් විදියට ඇවිත් ඒක වැදගත් විදියට කරන්න.. උඹ එදා ඉදලම කරේ මගේ ඇරෝට කෙල හලපු එක... උඹ හිතන්න එපා මම ඒක එදා ඉවසුවා කියලා. මට උඹේ ඇස් ගලවන්න අවස්ථාවක් ලැබුණේ නෑ.."
" හොඳයි උතුමාණෙනි මගේ වරද. ආපහු මම රැජිණ දිහා බලන්න එඩිතර වෙන්නෙ නෑ.. . ඒත් රජතුමනි මගේ ඇස්...."
" මම අත තියලා තමුසෙට උදව් කරන්නම්.... ඊට කලින් ගනුදෙනුව ගැන කියනවා...
YOU ARE READING
🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg )
Fanfictionඋතුමාණන් අවදිවෙලා... ආත්මය අවදිවෙලා........ ඔහු ඔහුගේ ශරීරය කැපකලා.... උතුමාණන් වෙනුවෙන් කැපකලා... අද තමයි දවස.... වසර පන්සියයකින් පැමිණි ඒ දවස..... වන්ග් උතුමාණන් අමරණීයයි... දැන් කිසිවෙකුට බෑ ඔහුව පරාජය කරන්න.... කිසිවෙකුටවත් බෑ...........