68 Capture - පරිණත ආදරය

1.4K 246 70
                                    

The Vampire Spirit










මට දැනුනේ  හුරුපුරුදු  සීතල එක්ක මගේ මුළු වතම ප්‍රබෝධමත් කරවන ඒ සඳුන් සුවඳ....
ඊයේ රෑ ඩැඩීගේ තුරුලට වෙලා මම කාලෙකින් හිටියේ..ඇත්තටම මට ඩැඩී එක්ක දවස් ගානක ඉදලා නිදහසේ ඉන්න ඕනි උනත් මම ඉන්නේ පවුලක් ඇතුලේ.. මම මගේ චූටි පැටවුන්ගේ අම්මා...
ගගාලගේ දිදී..
ඉතින් මට ඩැඩීට වගේම මේ පවුලේ වෙනම ම වගකීමක් තියනවා...
ඉතින් ඒ නිසා අපි දෙන්නට ලං වෙන්න තියන වෙලාව හරිම අඩුයි...
වගකීම් වැඩියි...

හදවතේ ආදරේ මහමෙරක් තරම් පිරිලා තිබුණට එක බැල්මකින් මම  මගේ ඩැඩීට  මුළු හදවතම විනිවිද දකින්නට සැලසුවාම මම දන්නවා ඩැඩී මගේ ආදරේ  හඳුනගන්නවා කියලා..

ඩැඩීගේ ආදරේ ගොඩක් නිහඬ ආදරයක්...
මට වෙලාවකට හිතෙන්නේ ඒ ආදරේ පරිණතයි කියලා...
ඇත්තටම මම ඒ පරිණත ආදරයට ගොඩක් කැමතී..
මගෙ ඩැඩීට මාව විතරක් ඕනි උනේ නෑ..
ගගාලවත් ඕනි උනා..
ඇත්තටම දෙන්නෙක් කැමති තනිවෙලා ඉන්න උනත් ඩැඩීට ඕනි හැමෝම එක්කම අපි එකතුවෙලා ඉන්නවට ..
ගගාලා මාව වගේම බබාලව ආරක්ෂා කරනවට...
මං වටේ පිරිවර ඉන්නවට...
ඇත්තටම මමත් දැන් ඒකට හුරුවෙලා...
මේ ගෙදර පාළුයි එක්කෙනෙක් හරි අඩු උනෝතින්...
ඉතින් අපි පුළුවන් හැමවෙලාවෙම කරේ  හොරෙන් හොරෙන් තනිවෙන එක....
අනික ගගාලා බොරුවටත් ශොපින් යනවා බබාල අරන් අපි දෙන්නව තනි කරන්න ඕනි නිසා...
ඇත්තටම පවුලක් විදියට එකිනෙකා ගැන හිතන එක වෙනමම හැඟීමක්... ඒ වගේම ඒක සතුටක්.....

මගේ ජීවිතේම අමුතුම අද්භූතම දේවල්වලින් පිරුණු ලෝකයක්...
අනික ඩැඩීව මට ලැබුණේ එයා මගේ මේට් නිසා උනත් මට ඇරගෝන්ගේ මතකයන් නෑ..
තිබ්බත් ඒ සැරෙන් සැරේ දැකපු හීන විතරයි...
ඒත් මම ඒ මතකයන් නැතුව වුනත් මගේ ඩැඩීට පනටත් වඩා ආදරෙයි ..
මගේ දරුවන්ටත් මම ආදරෙයි...
මගේ ලෝකයම මගේ මේ පවුල ....

ටික වෙලාවක් කල්පනා කර කර එයාගේ සුවඳයි සීතයි විඳිමින් හිටපු මාව ඩැඩී තවත් තුරුළට ඇදගෙන මගේ කම්මුලක් ඉම්බා...
එතකොට මට ලැජ්ජ හිතුනේ එයා පලවෙනි වතාවට මගේ කම්මුල ඉම්බ දවස මතක් වෙලයි...
අනික අපි මෙහෙම නිරුවත් සම එකිනෙකට සනසවමින් තුරුළු වෙලා ඉන්නෙත් ගොඩක් දවසකින් නිසයි...

🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg ) Where stories live. Discover now