The Vampire Spiritතෙමසකට පසු...
සාමාන්‍ය පරිදි පස්කට්ටුවේ පිස්සු වැඩ එක්ක ශාන්ගෙයි යීබෝගෙයි ආදරෙයි ශාන්ගේ ගෙරවිලි ගැස්සිලි එක්ක මාස තුනක් ගෙවිලා ගියා....
ඒක යීබෝට නම් ලොකුම ලොකු අභියෝගාත්මක කාලසීමාවක් උනා..
මොකද ශාන්ව සතුටින් තියන්න මේ මහ කැලය මැද හැමෝටම වසර 3000කටවත් නොකරපු දේවල් කරන්න සිද්ද උනා....
වෙච්ච වැදගත්ම දේ විදියට වුනේ පසුවුන පූර්ණ චන්ද්‍රයාගේ දවස්වලට කලින් වගේ Evil Vampire එන සලකුණවක් වත් තිබුණෙ නැති එකයි...
ඒ ගැන ශාන් ඇහුවම මාවල් කිව්වේ එයා එයාගේ බබාලව ආරක්ෂා කරගන්න එයාවම පිටතට එන එක පාලනය කරගත්තා කියලයි...
ඒක ඇහුවම ශාන් යීබෝගේ පපුවට තුරුලු උනේ තමන්ගේ සැමියා කොයිතරම් කෙයාරින් ද කියලා දැනුනු සතුට නිසයි...අනික දැන් දැන් ශාන්ගේ බඩත් ගොඩක් ලොකුයි. ඒ නිසා ශාන්ට හැමවෙලාවකම කරේ යීබෝ එක්ක ශොපින් ගිය එක.. ගියත් හැමදාම ඒ ඇදුම් කැතයි එයා දැන් කැතයි සමහර ඒවා ලොකුයි සමහර ඒවා ඇදයි ගගා උඩ රූම් එක දෙවනත් වෙන්න කෑගහපු එකයි...
දවසක් යීබෝ එළියට ආවේ ඔලුවෙන් ඇදුමයි අතේ ඇදුමයි ඇගේ තවත් පාට පාට ඇදුම් ගොඩකුයි එක්කයි...
යීබෝ ඒ සේරම ලුලූ ලව්වා ශාන් කැමති විදියට කපලා කොටලා හැඩ වැඩ දාගෙන දවස් දෙකක් ගියාට පස්සෙයි යීබෝට එයාගේ ඇදේ පැත්ත හම්බුනේ...ඒත් සමහර දාට ශාන් නින්දෙන්ම හයියෙන් කෑ ගහනවා නින්ද යන්නේ නෑ කියනවා.. ඒ වෙලාවට යීබෝ ශාන්ව එයාගේ ඇග උඩට උඩු අතට අරන් එළිවෙනකන්ම බඩ අත ගානවා.. එතකොටනම් ශාන් සනීපෙට නිදාගන්නවා..
ඔක්කොමට හපන් එයාගේ කෑම මෙනු එක...
ශාන් මාස දෙක පැනපු ගමන් කරේ කුරුමිණියො වගේ පොඩි සත්තු බැදලා ඉල්ලපු එක...
ජෙරී මයිකි එක්ක නිතර නිතර කැලේ රිංගන්න හුරු උනේ කුරුමිණියෝ ගොලුබෙල්ලෝ වගේ සත්තු හොයන්නයි..
ඒ අවස්ථාවෙන් දෙන්නා ලද ප්‍රයෝජන නොගත්තා නම් නෙවෙයි..
ඒ දවස්වලට කැලේ සත්තු මහ දවල්ටත් කූඩු අස්සට රිංගන්න පුරුදු උනේ දෙන්නගේ කෑගැහිලි බලාගෙන දරාගන්න බැරි සාධාරන හේතුව නිසයි....
සමහර දාට දෙන්නා දඟලලා දඟලලා මතු උනේ ගස් ඇතුලේ බෙනවලින් ....
YOU ARE READING
🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg )
Fanfictionඋතුමාණන් අවදිවෙලා... ආත්මය අවදිවෙලා........ ඔහු ඔහුගේ ශරීරය කැපකලා.... උතුමාණන් වෙනුවෙන් කැපකලා... අද තමයි දවස.... වසර පන්සියයකින් පැමිණි ඒ දවස..... වන්ග් උතුමාණන් අමරණීයයි... දැන් කිසිවෙකුට බෑ ඔහුව පරාජය කරන්න.... කිසිවෙකුටවත් බෑ...........