The Vampire Spirit
මාළිගාවට ඇවිත් බඩු ඔක්කොම තිබ්බම ජෙරී සේරම අස් කරන්න පටන් ගත්තා...
" මෙච්චර කෑම?"
ජෙරී කියද්දී ශාන් ජෙරීට බිම තිබ්බ පිඟන් කටු කෑල්ලකින් ගැහුවා.... ජෙරීගේ මූන කටු කෑල්ලට තුවාල වෙලා ගිහින් ඒ වෙලාවෙම නිකන්ම හොඳ වෙලා ගියා...
ජෙරීට පුදුම හිතුනේ අහිංසක දිදීගේ එකපාරටම වෙනස් උන රලු ගතිය නිසයි...
ජෙරී ඇස් ලොකු කරන් එයාගේ මූන අල්ලලා බලද්දී එයා වැම්පයර් කෙනෙක් නිසාම තුවාලේ නිකන්ම හොද වෙලා තිබුණා..
ශාන් ජෙරීට රැව්වා....." ඒවා ඔක්කොම මගේ"
" හරි ඉතින් අපි කවුරුත් මිනිස් කෑම කන්නේ නෑනේ..
ජෙරී කියලා අනිත් පැත්ත හැරුණ ගමන් ශාන් හයියෙන් අඬන්න ගත්තා...
ගේ වටේම විසිරිලා එක එක වැඩ කර කර හිටපු ඔක්කොමලා ශාන් වටා එකතුවෙලා බය වෙලා බලාගෙන හිටියම යීබෝ තනිකරම කළු ලෙදර් හූඩියක් එක්ක කිට් එකක් ඇදලා කනේ සිල්වර් කරාබුවකුත් දාගෙන තව මාල සෙට් එකකුත් දාගෙන පහලට බැස්සා.." ඇයි බබා ඔයා අඬන්නේ..?? කවුද මොනවද කරේ බබාට...!"
යීබෝ අහද්දී ජෙරීට කෙල පිඩක් ගිලුනා...
KAMU SEDANG MEMBACA
🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg )
Fiksi Penggemarඋතුමාණන් අවදිවෙලා... ආත්මය අවදිවෙලා........ ඔහු ඔහුගේ ශරීරය කැපකලා.... උතුමාණන් වෙනුවෙන් කැපකලා... අද තමයි දවස.... වසර පන්සියයකින් පැමිණි ඒ දවස..... වන්ග් උතුමාණන් අමරණීයයි... දැන් කිසිවෙකුට බෑ ඔහුව පරාජය කරන්න.... කිසිවෙකුටවත් බෑ...........