53 Capture - වීර ක්‍රියාව

1.3K 280 65
                                    

The Vampire Spirit

♨️ ලිදේ සිදුවීමට දින කීපයකට පෙර ♨️

" දෙයියනේ අපේ රැජිණ හරිම ලස්සනයිනේ.."

යීබෝ ශාන්ව මාළිගාවේ වැඩිහිටි වැම්පයර් කාන්තාවන් සහ දරුවන් එක්ක තියලා මාළිගාවේ වෙනත් වැඩකට කාර් එකේ පිටතට ගියේ මාවල් එක්කමයි..
ඒ අතරේ කාන්තාවන් ශාන් වට කරන් ශාන්ගේ කම්මුල් පිරිමදින්නට වුනා...
ටික වෙලාවක් ශාන් වැඩිහිටියන් අතරේ සතුටින් ඉදලා වැම්පයර් පැටවුන් එක්ක බබල්ස් පිඹිමින් හයියෙන් හිනා වෙවී විනෝද උනා...

" අනේ අනේ ගගා මටත් මටත් දෙන්නකෝ පිඹින්න මමත් ආසයි..."

චූටි කොළ පාට ඇස් ඇති දැරිය ශාන්ගෙන් එයාගේ අතේ තිබ්බ බබල්ස් එක ඉල්ලුවත් ශාන් කරේ පොඩි කෙල්ලට රවපු එකයි.. ගෑනු ළමයගේ කොළ පාට ඇස් ශාන්ගේ ලේ අවුලවමින් කුපිත කරවන්නට උනා....

" Grr ඒක මගේ මෝඩියේ.."

ශාන් වටපිට බලලා කෙල්ලගේ අත කෙනිත්තුවම කෙල්ල මර හයියෙන් අඩාගෙන එයාගේ අම්මා ලඟට දිව්වා.. ඒ තප්පරේම ශාන්ගේ ඇස් කොළ පාට වෙලා ආපහු කලු පාට උනා...
තවත් ටික වෙලාවක් සෙල්ලම් කරද්දී ශාන් එයාගේ අතේ තිබ්බ බබල්ස් එක තව දරුවෙකුට දුන්නා...
ඒ දරුවට තිබ්බේ ශාන්ට වගේ කළු ඇස් දෙකක්....

" ඔයා පිඹින්න.."

ශාන් මිදුලේ ඒ මේ අත දුවමින් ආසාවෙන් ලොකුවට පාවෙලා යන සබන් බෝල අල්ලමින් හයියෙන් හිනා වුනා.. පොඩි පැටව් එක්ක හිනාවෙන ශාන් දැක්කේ කැලේ ගස් අස්සෙන් එයාගේ දිහා බලාගෙන ඉන්න ඇස් දෙකක්.. ඒ ඇස් ශාන් උඩ පනිනකොට කිරි පාටට පේන ඉන දිහා බලාගෙනම ඉන්නවා කියලා ශාන් කීප වතාවකට පස්සේ තහවුරු කරගත්තා...
චූටියට නෙරලා තිබ්බ බඩ නිසා ශාන් තවත් ලස්සනයි සරාගී කියලා යීබෝ හැමදාම මුමුනලා ශාන්ගේ ඇග පුළුවන් තරම් වහන්න උත්සහ කරත් ශාන් අපහසු නිසා වැඩිය බඩ හිර කරගෙන ඉන්න අකමැති උනා....

ටික වෙලාවකින් ශාන් ළමයි තනිකරලා එකපාරටම අතුරුදහන් උනා...
කැලේ අස්සේ හිටපු ජූන් එකපාරටම ගැස්සිලා ගියේ මෙච්චර වෙලා එයා ඇස්වලින්  අනුභව කරපු කිරි පාට ශරීරය අතුරුදහන් උන නිසයි....

🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg ) Where stories live. Discover now