The Vampire Spirit
" දෙයියනේ මේ කොල්ලා.."
බබීගේ මූනේ සතුට උතුරනවා..
හිම පාට මැණික් කැට දෙකක් වගේ දරු දෙන්නෙක් විදියට මගේ පැටව් දෙන්නම හැරුනේ මගේ ඇස් අදහා ගන්නත් බැරි කරලයි....
මට මීට වඩා තව මොනවද මේ ලෝකේ ඕනි...
වසර ගානක් තිබුණු මැරුණු හදවත පන ගැහුනේ එයා නිසයි...
එයා මගේ ජීවිතේට ආවත් හරි මට ලැබුණේ සතුටම විතරයි....
මට මේ සේරම හරියට හීනයක් වගෙයි....
ඒත් ඒක ඇස් ඉස්සරහම සැබෑ වුන හීනයක්....
මම චූටිගේ හැඬුම් අස්සේ කල්පනා කරනවා දැක්කම බබී මාව කෙනිත්තුවා...
මාව අඩියක් පස්සට විසි උන නිසා එයා තොල් තද කරන් හිනාවෙන්න පටන් ගත්තා..
මගේ කෝලම.. කියන්න පුළුවන් ද දැන් බබාලා දෙන්නෙක්ම ඉන්න අම්මියෙක් කියලා...
ඒත් තාමත් මේ මගේ චෙරි මලමයි...." රිදුනා බබා..."
" රිදෙන්න තමා කෙනිත්තුවේ..
කෝ මගේ චූටිව අරන් දෙන්න ඩැඩී.. කොල්ලා හුස්ම අල්ලන්නෙත් නෑ අඬනවා. ඒ අස්සේ ඔයා කල්පනාව ....
මම දන්නවනේ චුක්කීට කිරි දෙන්න දෙන එකක් නෑ මේ කොල්ලා එයාවත් ගත්තේ නැත්නම් "එයා ඒ අස්සේ මූනත් රතු කරන් මට කට උල් කර කරා බයිනවා...
"හරි මගේ පැටියෝ.දෙන්නම් දෙන්නම් ඔයා ඉල්ලනවනම් ඕනි දෙයක් දෙන්නම් අප්පා.....
අම්බෝ යන තරහා.. ඔය සුදු මූන සතුවෙලා.. මට තව දුවෙක්ට ආස හිතෙනවා හොදේ ඔහොම රතුවෙලා ඉද්දී...."එයා මට රවනවා බලන එක වෙනමම ආසාවක්....
මම මාවල්ට කියලා පොඩ්ඩො බලාගන්න හැටි පොත් පහක් විතර කියෙව්වා මෙයාට හොරෙන්..
මට ඕනි උනේ නෑ කාටවත් මම දරුවො ගැන සැලකිලිමත් වෙනවා කියලා ප්‍රදර්ශනය කරන්න...
ඒ දේ විතරක් නෙවෙයි කොයි දේ උනත් මම ආස නෑ අඬබෙර ගහ ගහා කරන්න...
මම චූටිව අතට ගත්තේ බිදෙන වීදුරුවක් පරිස්සමෙ අල්ල ගන්නවා වගේ රෙදි කෑල්ලත් එක්කම අල්ලලයි..
මම දැක්කා බබා (ශාන්) ඇස් ලොකු කරගන්නවා...
සමහරවිට එයාට පුදුම ඇති මම මේ විදියට පුරුදුකාරයෙක් වගේ ඉද්දී....." පැටියෝ ඔයාට බේරෙන්න බැරි චණ්ඩියෙක් වගේ මෙයා. අම්බෝ ඉස්සර ඔයාගේ ඇඟට වැහුනම මේකා මං එක්ක ගේම ඉල්ලපු තරමක්..."
أنت تقرأ
🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg )
أدب الهواةඋතුමාණන් අවදිවෙලා... ආත්මය අවදිවෙලා........ ඔහු ඔහුගේ ශරීරය කැපකලා.... උතුමාණන් වෙනුවෙන් කැපකලා... අද තමයි දවස.... වසර පන්සියයකින් පැමිණි ඒ දවස..... වන්ග් උතුමාණන් අමරණීයයි... දැන් කිසිවෙකුට බෑ ඔහුව පරාජය කරන්න.... කිසිවෙකුටවත් බෑ...........