44 Capture - කඩඉම

1.5K 308 63
                                    

The Vampire Spirit

" දෙවියනේ...... හබී ඒක ආරංචිද..??"

ඒ දහවල් කාලයයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒ දහවල් කාලයයි.. එළවළු මළු කීපයක් අතේ තියාගෙන කුඩාම කුඩා කැලෙයක් මධ්‍යයේ තිබුණු නිවසකට කාන්තාවක් දිවගොස් බෑග් මලු මේසය මත තබමින් තව ස්වාමියා අසලට දුවගෙන ගොස් තදින් බදාගත්තා.....

" හබී ඔයාට ඒක ආරංචිද..?"

" මොකක්ද ??"

" ඩියුකේලියන් කෙනෙක් ඉන්නවා.. අපේ වන්ග් උතුමාණන්ගෙ එක්ක ඩියුකේලියන් කෙනෙක් ඉන්නවා.. ඒක ආශ්චර්යයක්....
හැමෝම කතාවෙනවා එයා ටැන්කෝට් ගමට ආසන්න කඩයක් ලග එයාගේ බලයෙන් ගෑනු කෙනෙක්ව බේරගෙනලු..
හුළඟ මවලා ඒ මිනිහව පා කරලා බිමට විසි කරලලු...."

කඩවසම් වුවත් වෙහෙසකර ඈලි මෑලි පෙනුමක් තිබුණ වැම්පයර් මිනිසා ඉදගෙන සිටි පුටුවෙන් නැගිටලා එයාගේ බිරිඳගේ උරහිස් දෙකෙන් තද කරලා අල්ල ගත්තා....
ඒ ඇස්වල තිබ්බේ අලුතෙන්ම මතු උන කඳුළු බිඳු...

" ඇත්තමද.? ඒ කියන්නේ ඒ කටකතාව ඇත්ත...
තවත් අපි කාල්ට බයේ හැංගිලා ඉන්න ඕනි නෑ දෙයියනේ .. අපි හීන දැකපු ජීවිතය. මගේ පුතාගේ අනාගතය...ඔයාගේ අනාගතය..?"

මිනිසා ගැහැණියගේ නලලත හාදුවක් තිබ්බා....

" මමා ......ඇයි මේ පපා අඬන්නේ මමා ආපහු  ඇල්ෆලා පපාට කරදර කරලද මමා..??"

" නෑ පුතේ... නෑ..."

ඔවුන් තම සය අවුරුදු වැම්පයර් පැටියව දෝතට ගත්තේ අසීමිත සතුටකින්...

" අපි මෙහෙන් යමු මැණික... බබාට දැන් එළියේ යාලුවො හම්බෙන්න පුළුවන් .. බබා වගේ වැම්පයර්ලා හම්බෙන්නත් පුළුවන් "

🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg ) Where stories live. Discover now