61 Capture - අතුරුදහන් වීම

1.1K 257 66
                                    

The Vampire Spirit









" අනේ ඩැඩී ...."

යීබෝ අහසින් බැස්සගමන් ශාන් දුවගෙන ඇවිත් යීබෝගේ තුරුළට පැන්නා...

" කියන්න වස්තුව ඇයි මේ...කෝ චූටි..ඇයි ඔයා මේ අඬන්නේ..?"

යීබෝ වටපිට බලද්දි චූටික්කිව දැක්කත් පොඩ්ඩා පේන්නේ නැති නිසා යීබෝ පොඩ්ඩ ගැන ශාන්ගෙන් කෙලින්ම ඇහුවා....

" දන්නෑ ඩැඩී අනේ මම දන්නෑ... මම....මම.....මම...."

ශාන් කඳුළු පෙර පෙර පපුව අස්සේ ඔලුව හිර කරගත් යීබෝ ටික වෙලාවක් ශාන්ව සනසන්න චූටික්කිව උරහිසෙන් තියාගෙන ශාන්ව ඉනට වඩා ගත්තා.. ශාන් කෝලා බෙයාර් කෙනෙක් වගේ යීබෝගේ කරේ එල්ලිගෙන අඬද්දී යීබෝ ශාන්ගේ පිටත් අතගාමින් ඉදිරියටගියේ එයාගේ වැම්පයර් ඇස්වලින් අවට බලනගමනුයි...

යීබෝ දැක්කේ මාවල් අවට නැති බව...

" ජෙරී..................ජෙරී......................ජෙරී........................"

" උතුමාණෙනි "

ජෙරී ඈත ඉදලා වේගයෙන් යීබෝ ලඟට ඇවිත් හිටගත්තම යීබෝ ජෙරීගේ කොලර් කරෙන් එක අතකින් ඇදලා ගත්තා.. ජෙරී යීබෝගේ රතු ඇස්වලට ගැහෙන්න පටන් ගත්තම ක්ලෑන් එකේ වැම්පයර්ස්ල එයාලගේ රජතුමාගේ කෝපය හමුවේ කැලේ තැනින් තැනම දණ ගහගත්තා....

" උඹලා..............................මෙච්චර වෙලා මොනවද කරේ මගේ දරුව අතුරුදහන් වෙන්කන්..."

" උ...උ...තුමාණෙනි අපි....!"

" කට වහගනිල්ලා.. හොයපල්ලා ඉක්මනින් "

යීබෝගේ කෑගැසීම හමුවේ අනෙක් වැම්පයර්ලා කකුල් පැටලි පැටලී කැලේ විසිරිලා ගියා...

" අනේ ඩැඩී අපේ චූටි.... එයාලා සෙල්ලම් කර කර හිටියේ මාවල් ගගා එයාලා එක්ක හිටියා.. පස්සේ චූටික්කීට ඔයාව මතක් වෙලා මං ලඟට ඇවිත් පපා කෝ ඇහුවම මම එයා අඩන්න වගේ හදපුනිසා එයාව එක්කගෙන කුස්සියෙන් මිදි දුන්නා.. ඇවිත් බලනකොට චූටි නෑ ඩැඩී... මාවල් ගගා හොයද්දීයි මමත් ගිහින් බැලුවේ..."

" හරි බබා දැන් මම කියන දේ අහන්න කෝ... බහින්නකෝ දැන්.."

" අනේ ඩැඩී මගේ පුතා.."

🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg ) Where stories live. Discover now