6 Capture - පැහැර ගැනීම

2K 409 104
                                    

The Vampire Spirit






" අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හා ..... "







































































" උතුමාණෙනි.................!!!!"








යීබෝ පපුව අල්ලගෙන බිමට පාත් උනේ කෑගහගෙනයි....
ජෙරී වගේම මාවල් බයෙන් වගේ යීබෝ එක්කම පාත් වෙලා යීබෝගේ උරහිසෙන් අල්ල ගත්තා....





" ඒ කවුද....???





උඹලා ඒ ගෙනාවේ මොකෙද්ද......?







ඇයි උගේ ඇස් දැක්කම මගේ පපුව පිච්චෙනවා වගේ දැනෙන්නේ..?







අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හා ඒක රිදෙනවා ..............."







මාලිගාව දෙදරන්නට ඇසුනු කෑ ගැසීම නිසා ඇඳ මත නිදා සිටි ශාන් ගැස්සිලා ඇහැරුණා.. යීබෝ එයාගේ පපුව අල්ලගෙන වුණත් ඇඳ උඩ හිටිය සුර දූතයෙක් වගේ ලස්සන තරුණයා දෙස රක්ත වර්ණ දෑසින් බලා සිටියා...

ශාන් වටපිට බැලුවේ එයා ඉන්නේ කොහෙද කියලා හිතාගන්නයි...
නුපුරුදු ඇඳක නුපුරුදු තැනක ශාන් අවදි උනහම ශාන් බයවෙලා ඉක්මනින් ඇදෙන් නැඟිටලා වාඩි උනා...

" ඔ....ඔ...යා ලා ක...කා....කවුද..?? ඇයි මම මෙතන ? කෝ මගේ යාලුවා ජින්ලී..මම මේ කොහේද..?. "

ශාන් කලබලයෙන් එක දිගට කියාගෙන කියාගෙන යද්දී යීබෝ ඒ කට දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා....
යීබෝ ශාන් දිහා බලාගෙනම නැඟිට්ටේ Vampire king ට ශාන් වශියක් කරපු ගානටයි...
යීබෝ මෙච්චර වෙලා පපුවට තියාගෙන හිටපු අත පහතට දැම්මා....
ඔලුවත් පැත්තකට හරවලා ශාන් දිහා බලාගෙනම ඉද්දී ශානුත් එයා ඉස්සරහා අමුතු ඇදුමක් ඇදගෙන ක්ලැසිකල් පෙනුමක් තියන සුදුමැලි මිනිහා දිහා බලාගෙන හිටියා...
බැලූ බැල්මට සුදුමැලි පාටක් තිබ්බත් දකින මිනිස්සු උමතුවෙන තරමේ කඩවසම් බවක් ඒ මිනිසාට තිබුණා...
බාගෙට ගැලවුන ජැකට් එක අස්සෙන් පේන හිම පාට ඇබ්ස් ලඟ ශාන්ගේ ඇස්වලින් බ්‍රේක් පාරක් වැදෙද්දි යීබෝ ඇස් කොනෙන් ඒක දැකලා කට කොනින් හිනා වුනා...

🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg ) Where stories live. Discover now