The Vampire Spirit
ශාන් යීබෝ දෙන්නම මාළිගාව ඇතුලට ගියාම දැක්කේ පුටුවක මිනිහෙක්ව ගැටගහලා ඒ මිනිහා වටේම කැරකෙන අයියලා පස් දෙනාවයි...
කට්ටියගෙම සද්දයක්වත් නැතුව තිබ්බත් ගෙට ගොඩවෙනකොට තිබ්බ කාලගෝට්ටිය නිසා යීබෝ ශාන් දෙන්නම මූනට මූන බලාගත්තා..." මොකක්ද මෙතන වෙන්නේ?"
යීබෝ රෞද්‍ර හඬකින් මාළිගාව දෙවනත් වෙන්න කෑගැහුවම හැමෝම ගැස්සුනා..
මනුස්ස සුවඳට යීබෝගේ ඇස් තද රතු පාට වෙලා තියනවා ශාන් දැක්කත් ඒක ශාන්ට විශේෂ නොවුනු නිසා ශාන් හිටියේ සාලේ මැද පුටුවේ ගැටගහලා ඉන්න මිනිහගේ සිහියෙන්....
ඒත් එක්කම ශාන් දැක්කේ පස්කට්ටුවගේ අත්වල තියන අමුතු ආයුධ..." යකෝ.. වැම්පයර්ස්ලාට කියන්නේ මුංටද.. හරියට තනිකඩ ගෑනියෙක්ගේ ගෙට හොරෙක් පැන්නම ගෑනු අතට ආරක්ෂාවට අතට ගන්න බඩුනේ මුං අරන් තියෙන්නේ.."
ශාන් මුමුනමින් එකිනෙකාගේ අත්වල තියන අමුතු ආයුධ දිහා බැලුවා...
මාවල් අතේ කොස්සක් ජෙරීගේ අතේ පෑන් එකක් ෆ්‍රොක්සිගේ අතේ පොරවක් වගේම ෆ්‍රෑන්ක්ගේ අතේ මල්වලට වතුර දාන බකට් එක තිබුනා සේරමටම හපන් මයිකි අතේ තිබ්බේ රැවුල බාන මැෂින් එකක්..." අහ් මේ මේ උතු...තූ තූ ....
" තූ තු ගාන්නේ නැතුව කියපං යකෝ.. මනුස්සයෙක් මොකද මෙතන කරන්නේ කියලා..."
" උතුමාණෙනි අනවසරයෙන් ඇතුලු උන මනුස්සයෙක් "
මාවල් ගොත ගගා කියද්දී ශාන් හිනාවෙවී හිමීට මනුස්සයා ලගට ගියා.. යීබෝත් රතු ඇස් එක්කම මිනිහා ලඟට ගියාම දැක්කේ ඒ මිනිහට වෙලා තිබ්බ අලාභහානි ගොඩ..
" දෙයියනේ තමුසෙලා මේ මිනිහව විනාස කරලා. බලනවා වටෙවෙලා කපුටො කොටලා වගේ හැමතැනම.ඇගේ ඇදුම් ඔක්කොම කෑලි.. කොණ්ඩේ කෝ...තැනින් තැන ශේව් කරාද යකුනේ..."
" හී හී හී නෑ වැඩී කපුටො නෙවෙයි වවුලො කොටලා ඩැඩී....
ශාන් එයාගේ අතින් කට වහන් හිනාවෙද්දී මිනිහා ඇස් ලොකු කරලා ශාන් දිහා බැලුවා....
එහෙන් ඇහැක් තිබ්බේ ඉදිමිලා මූන පුරාම තිබ්බේ හූරපු පාරවල්...
එහෙන් මිනිහා ගැහෙන්නේ එයාගේ කකුල් ලග දත් විලිස්සන් ඉන්න බූබූව දැකලා....
STAI LEGGENDO
🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg )
Fanfictionඋතුමාණන් අවදිවෙලා... ආත්මය අවදිවෙලා........ ඔහු ඔහුගේ ශරීරය කැපකලා.... උතුමාණන් වෙනුවෙන් කැපකලා... අද තමයි දවස.... වසර පන්සියයකින් පැමිණි ඒ දවස..... වන්ග් උතුමාණන් අමරණීයයි... දැන් කිසිවෙකුට බෑ ඔහුව පරාජය කරන්න.... කිසිවෙකුටවත් බෑ...........