41 Capture - āļŊāļ´āļ§āˇ’ āˇ€āˇ”āļŊāˇŠāˇ†āˇŠāļļāˇšāļąāˇŠ

1.5K 311 134
                                    

The Vampire Spirit

යීබෝ කාමරය ඇතුලට ඔලුව විතරක් දාලා එබුනේ දැනටමත් එයාට ඒක තහනම් ප්‍රදේශයක් කරලා තිබුණ නිසයි... යීබෝ දැක්කේ සාමකාමීව කොට්ටයකුත් තුරුළු නිදාගෙන ඉන්න එයාගේ මුළු ලෝකයයි...

" මගේ චූටි මැණික.. අම්මිව සම්පූර්ණයෙන් අයිතිකරගෙන දැනටමත්.. මට චුට්ටක්වත් අම්මි ලඟ ඉන්න බැරි කරලා.. මගේ ඇට්ටරයා.."

යීබෝ තමන්ටම මුමුනගනිමින් හිමීට කාමරයට ගිහින් ඇද උඩින් ඉදගත්තා.. දිග ඇස් පිහාටු.. වාත්තු කරා වගේ දිලිසෙන මූන රෝස පාටට උල් වෙලා තියන දෙතොල් යීබෝගේ හිතේ තප්පරයකට කිරි දරුවෙක් මැවුනා...

" මගේ චූටි පුතා.."

යීබෝ ශාන් ලඟින්ම වැතිරිලා ශාන්ගේ නලල මත එයාගේ දෙතොල් තද කලේ හිත පුරවලා ආදරේ එකතු කරගෙන ඒ ආදරේ හාදුවකට එකතු කරලයි... අඩ සඳේ එළිය වුනත් කාමරේ ජනේලයෙන් වැටිලා ශාන්ගේ මූන තවත් දිලිසෙන්න පටන් ගත්තා...

" ඔයා හරියට  සඳ එළියට දිලිසෙන්නේ ඩියුකේලියන් බබෙක් වගේ.... "

යීබෝ ශාන් දිහා බලාගෙන මුමුනමින් ඒ සිනිදු කෙස් අතරේ එයාගේ කොටු ඇඟිලි දැවටුවා.

" මගේ පැටියා..."

ක්ෂණිකවම ශාන්ගේ  කොළ ඇස් ඇරිලා යීබෝ දිහා බැලුවම අනුන්ගේ ගෙදරකට හොරෙන් ඇතුලු උන හොරෙක් වගේ යීබෝ බයවෙන්න පටන් ගත්තා
එයාට ඕනි උනේ නෑ ආපහු එයාගේ චූටි පැටියව තරහා කරගන්න....
ඒත් ඒ කොළ ඇස් ටිකක් වෙලා යීබෝ  දිහා බලාගෙන ඉදලා යීබෝගේ පපුව උඩට ඇවිත් තුරුලු උනේ යීබෝ ඇස් දෙක ලොකු කරගනිද්දියි... යීබෝ එයාගේ අතත් දිගෑරලා තවත් එයාගේ චූටි බබාට තුරුළුවෙන්න ඉඩ දුන්නා...

" තාත්තී...."

" අහ්...??

ඒ ඇස් ලාම ලා කොළ පාටයි...වෙනදට වඩා වෙනස් කොළ වර්ණයක් ගත්තා...

" තාත්තිට චුට්ටි ආදරෙයි "

" අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්??

යීබෝ පුදුම උනත් යීබෝට හරියට ඒ කිව්ව වචනය තේරුනේ නෑ.. ඒත් එයාට හොඳින්ම එයාට බබා ආදරෙයි කියනවා නම් ඇහුනා...
ශාන් තවත්‍ යීබෝගේ පපුවට තුරුළුවෙලා සාමකාමීව ඇස් පියාගනිද්දී යීබෝ ශාන්ගේ නලලට තව හාදුවක් තියලා අත් දෙකෙන්ම අල්ලගෙන පොරවලා එයත් ඇස් පියාගත්තා....

đŸĻ‡ī¸đŸ”žTHE VAMPIRE SPIRITđŸĻ‡ī¸(YizhanFF✔ī¸đŸ”šmprg ) Onde histÃŗrias criam vida. Descubra agora