The Vampire Spirit
" ඔව් මම බබාව අද රෑ මාර්ක් කරනවා. ඒක මට කරන්න හිතුනා..."
යීබෝ හැමෝටම කියද්දී හැමෝම යීබෝ දිහා පුදුම වෙලා බැලුවත් පස්සේ හැමෝටම දැනුනේ ලොකු සතුටක්....
" උතුමාණෙනි ඒක ගොඩක් හොඳ අදහසක්.. මම එදත් උතුමාණන්ට කියන්න හිතුවා ඕක.. මොකද අපි දැන් තනි පවුලක් නෙවෙයි ක්ලෑන් එකේ නායකයෝ.. ඉතින් දිදී තමයි රැජිණ... ඒ නිසා එයාව සතුරන් ඉලක්ක කරගන්න පුළුවන් පහසුවෙන්ම... ඒ නිසා අපි කෝකටත් අනාගතයට සූදානම් වෙමු"
ශාන් මේ සේරම අහගෙන හිටියා..
ඇත්තටම එයා ඉන්නේ එයා පුංචි ලෝකේ සතුටින්...
ඒත් පිටින් එන කරදර ගැන එයාට බයක් නොතිබුණේ එයාව වට කරගෙන ආරක්ෂා කරන්න දක්ෂ වගේම භයානක වැම්පයර්ලා රංචුවක්ම ඉන්න නිසයි....
සාමාන්‍යයෙන් කණ්ඩායම් විදියට ඉන්නේ වුල්ෆ්ලා උනත් වැම්පයර් king ගේ පවුල හරි වෙනස්.. වගේම ආදරණීයයි.... එකමුතුයි.... ඒ පවුල එකතු කරපු ශක්තිමත් පාලම තමයි මේ සඳ දෙවුදුව රහසේ ආශිර්වාද කරපු මනුස්ස පැටියා....මීට වසර 18 කට පෙර සඳ දෙව්දුව ආරක්ෂා කරගෙන සිටි ඇරගෝන් වැම්පයර් ආත්මය ඇය විසින් ඇරගෝන්ගේ රුවට සමානම කුසක සිටිනා දරුවෙකු සොයා ආත්මය එම කුසට ඇතුළු කරා..
ඒක ඒ මනුස්ස දරුවාගේ ඉරණම.....
ඇරෝගෝන් ආත්මය සහ ආශිර්වාද ලද මිනිස් දරුවෙකුගේ ආත්ම මිශ්‍රණයකින් ශාන් උපත ලැබුවා....ඇරගෝන්ගේ ප්‍රේමයත්
ඇරගෝන්ගේ භයානක වැම්පයර් හදවතත්
මානුශීය හැගීම් ඇතුලත් මනුස්ස හදවතත් ධෛර්යයවන්ත ගති ලක්ෂණත්
සියුමැලි ඇවතුම් පැවතුම් සහිත මිනිස් ගතිගුණ සමඟ සම්පූර්ණ ආදරණීය මිනිසෙකු සඳ දෙවුදුව අතින්
ලේ පිපාසිත වියරු නමුත් උණුසුම් හදවතක් උරුම ආදරය හදුනන ආදරයට පන උනත් දෙන වැම්පයර්වරයෙකුගේ ආත්මීය සහකරු බවට පත් වුනා.....ඉතින් සදාකාලික ප්‍රේමයේ නොමැකෙන සලකුණ ගෙල මත සටහන් කරන්න සඳ දෙවුදුව පෙරදා රාත්‍රියේ යීබෝගේ සිහින තුළ සැරිසැරුවා.....
" ආයි........!"
එකපාරටම චූටි දෝණි මාවල්ගේ කනෙන් ඇද්දම මාවල් කෑගහලා දෝණිව අතට ගත්තා...
YOU ARE READING
🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg )
Fanfictionඋතුමාණන් අවදිවෙලා... ආත්මය අවදිවෙලා........ ඔහු ඔහුගේ ශරීරය කැපකලා.... උතුමාණන් වෙනුවෙන් කැපකලා... අද තමයි දවස.... වසර පන්සියයකින් පැමිණි ඒ දවස..... වන්ග් උතුමාණන් අමරණීයයි... දැන් කිසිවෙකුට බෑ ඔහුව පරාජය කරන්න.... කිසිවෙකුටවත් බෑ...........