7 Capture - āļŊāˇš āļ´āˇ’āļ´āˇāˇƒāļē

1.9K 401 217
                                    

The Vampire Spirit

" මොකෝ උඩ තත්වේ...?"

" අනේ මංදා උතුමාණන් වතුර ඉල්ලන විදියට කොල්ලව දියවෙයි වගේ.... "

" තාම සිහිය නැත්තේ මොකෝ..?"

" මගේ වැම්පයර් කන්වලට අනුව නම් කොල්ලා ඉන්නේ දිර්ඝ හීනෙක... "

"අහා....නැඟිට්ටම කොල්ලා උතුමාණන්ට බයවෙයිද.?"

" බය උනත් උතුමාණන් අතාරී කියලා හිතනවද.?"

"ඒකත් ඇත්ත තමා..."

පහලට වෙලා වට සාක්ච්ජාවේ හිටපු වැම්පයර්වරු පස් දෙනා එකිනෙකා හා කතා බහ කලේ තවමත් දොර තදින් වැසී තිබෙන උතුමාණන්ගේ උඩු මහල දෙස බලාගෙනයි....

" හොඳ හොඳ නාඩගම් ටිකක් බලාගන්න පුළුවන් වෙයි වගෙ... මාවල් ඔයා කෝකටත් පරිස්සමෙන් .. ෆ්‍රොක්සි ඔයත් මේ දවස්වල එළියට යන්න එපා... ජෙරී ඔයත් උතුමාණන් දිහා ඇහැ ගහගෙන ඉන්න.. මොකද එයා ඇරගෝන්ගේ ආදරණීය ප්‍රේමවන්තයාට වඩා වියරු වැටුණු වැම්පයර් කෙනෙක්.."

මේ අතර ශාන් ලඟටම වෙලා නලල , මූන , බෙල්ල , පපුව තුවාලට බේරමින් තෙම තෙමා යීබෝ කාර්‍යයබහුල වුනා..

" මම මේ මොන මඟුලක් ද කරන්නේ...? පස්සේ කන්න මහත් කරලා හදන කුකුලෙක් වගේ මම මේ කොල්ලව බලාගන්නේ . ඒත් ඒ ලේ රසයි.. මට පුළුවන් හිතෙන හිතෙන වෙලාවට ටික ටික බොන්න.. මම මේ කොල්ලව මං ලඟ තියාගන්නවා.. හ්හ්හ්හ්හා "

" ම්ම්හ්........!!""

ශාන් සෙමින් කෙඳිරි ගාන්න ගත්තම යීබෝ විඳුලි වේගයෙන් ඇදෙන් නැඟිට්ටා.

" මේ බලනවා තමුසේ නැඟිට්ටද... ?? ඕයි... කෝ නැඟිටපං රස මිනිහෝ... කෝ... කියනවා තමුසෙගේ ලේ වර්ගේ මොකක්ද ? මොකද තමුසේගේ ලේ මං බීපු සේරටම වඩා රසයි...!"

" ම්ම්ම්ම්හ්......"

"අහ්...නැඟිට්ටින්නේ නෑනේ.. මේකට කන්න මුකුත් දුන්නනම් හරි... මීයෙක්... ඔව් මීයෙක් දෙමු... ලොකු එකෙක්... මිනිස්සු ඒවනේ කන්නේ.. ඇත්තටම මිනිස්සු මොනවද කන්නේ..?? ඇයි මට මතක නැත්තේ.. හරි මීයෝ තමා.. එදා කැලේ මැද හිටපු නාකියා මිදුලේදි කන්න පිච්චුවේ මීයෙක්... "

đŸĻ‡ī¸đŸ”žTHE VAMPIRE SPIRITđŸĻ‡ī¸(YizhanFF✔ī¸đŸ”šmprg ) Hikayelerin yaşadığı yer. Şimdi keşfedin