57 Capture - තරවටුව

1.4K 291 59
                                    

The Vampire Spirit

" හබී ඔයා අපේ දෝණි එක්ක ගිහින් ජෙරී ගගාගෙන් පලතුරු ඉල්ල ගන්න.. මොකද මෙයාලා කිරි බීලා මදි.. පලතුරු කන්නත් ඕනිනේ.."

ශාන් යීබෝට ඉඟි කරාම යීබෝ නලල රැලි කරගත්තේ ශාන් විශේෂයෙන් එයාගේ පුතා එක්ක තනිවෙන්න හදන හේතුව හිතාගන්නයි...චූටික්කි කිසිම සද්දයක් නැතුව යීබෝගේ පපුව අස්සේ සාක්කුවේ නිදාගෙන හිටියා....
යීබෝ සාක්කුව ඈත් කරලා බලලා සැනසීමෙන්  හිනා උනා....

" පපාගේ ඒංජල් හරිම නිදි කුම්බියෙක් තමයි.කන්න ඕනිත් බෑ බොන්න ඕනිත් නෑ ඒත් මට ගුලි වෙලා නිදි....."

යීබෝ හිනාවෙවී තනියම කියෝ කියෝ කුස්සියට ගිහින් ජෙරී ලෑස්ති කරලා තියපු පලතුරු ප්ලේට් එකක් අතට ගත්තා....
ඒකේ ඇපල් , කෙසෙල්, අඹ ,ගස්ලබු ඇතුලු පලතුරු වර්ග කීපයක්ම කපලා ලෙලි ගහලා ලස්සනට අතුරලා තිබුණා...
පලතුරු සුවඳ නහයට දැනෙද්දී යීබෝ සාක්කුව ඈත් කරලා බැලුවේ චූටික්කිට දැනෙනවද කියලා...
කෙල්ල සාක්කුවේම හිරි ඇරලා චූටි කටෙන් ඈනුමකුත් යවලා තටු දෙකත් දොගෑරලා යීබෝට හිනා උනා...

" පප්පා...."

යීබෝ ලස්සනට හිනා උනාම ජෙරී බලාගෙන හිටියේ යීබෝගෙර් හිනාව දිහා....

" උතුමාණන් සතුටින් නේද. ?"

ජෙරී අහද්දී යීබෝ ජෙරීට ඒ හිනාවම දුන්නම ජෙරී දැක්කේ යීබෝගේ ඇස්වල ලාවට කඳුළු බිංදුවක් මතු වෙනවා...
යීබෝ දිහා බලාගෙනම ජෙරී ලාවට හිනාවෙලා ප්ලේට් එකට තව පේර කෑල්ලක් එකතු කරා....
කෙල්ල සාක්කුවෙන් ඔලුව දාලා හචිමකුත් යවලා හිමීට පියාඹලා ප්ලේට් එක ලඟින් වාඩි උනාම යීබෝ එයාගේ ලේන්සුව සක්කුවෙන් අරන් දෙකට ඉරලා නවලා කෙල්ලගේ බෙල්ලට ත්‍රිකෝණ හැඩේට ගැටගැහුවා..
එතකොට චූටි කෙල්ල එයාගේ පපාට ලස්සන හිනාවක් දැම්මා....
යීබෝ ඇඟිල්ලකින් කෙල්ලගේ ඔලුව අතගාලා චූටි ඇපල් කෑල්ලක් අරන් කටට ලං කරාම කෙල්ල චූටිම චූටි කට ඇරලා කෑල්ලක් කාලා යීබෝගේ ඇඟිල්ලට හාදුවක් තිබ්බා....

" මගේ මැණික් කැටේ ගොඩක් කන්න....."

"ඕකේ  මගේ පපා.."

🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg ) Where stories live. Discover now