26 Capture - ස්වයං සිරගත වීම

1.8K 330 83
                                    

The Vampire Spirit

" ෆ්‍රොක්සි එයාට කොහොමද ?"

" උතුමාණන් උතුමාණන්ගේ ලේ කොල්ලගේ කටට දාලා වගේ...
ඒකට එයාගේ ඇග රිඇක්ට් කරලා.
කොහොමත් එයා කලින් ආත්මේ වැම්පයර් කෙනෙක්නේ ..
මොනමහරි දෙයක් එයාගේ ඇගේ ඇති එයා ඒකට සනීප උනේ....
දැන් ගොඩක් දුරට උන බැහැලා.. එයාලා බොන සුප් එකක් වගේ හදලා පොවමු.. හවස් වෙද්දී එයා නැඟිටියි...!

ෆ්‍රොක්සිත් බැලුවට පස්සේ මාවල් ජෙරී ඇතුළු පිරිස දිහා බැලුවා... ඔක්කොමලා යමු. එයාට විවේක ගන්න දෙමු. අපි කතා කරන්න ඕනි.. මම දන්නවා උතුමාණන් ලොකු වේදනාවකින් ඇත්තේ...
කට්ටියම වෙනදා වාඩිවෙන වට මේසෙන් වාඩි වෙලා ලොකු කතාවකට මුල පිරුවා...

" හොයලා බලන්න කොලේජ් එකේ හිටපු කොල්ලා ජින්ලි එක්ක යන්නේ නැතුව මෙහෙ එන්න හේතුව මොකක්ද කියලා..?"

" අනික මාවල් ගගා මට හිතෙනවා එදා අපේ දිදී තනියම ආවේ නෑ කියලා... කවුරුහරි තව මාළිගාවට ආවා...  "

මයිකි කියද්දී මාවල් දිගු හුස්මක් ගත්තා....

" හ්ම්ම්.. මටත් ඕක හිතුනා.. දැන් කෝ උතුමාණන් ?"

ජෙරී කියද්දී මාවල් එයාගේ අත් මේසේ උඩින් උකුලට ගත්තා...

" මම වැරදී.. උතුමාණන්ට මම අත ඉස්සුවා..."

මාවල් වේදනාවෙන් බිම බලාගෙන කියද්දී ෆ්‍රෑන්ක් මාවල්ගේ උරහිසට තට්ටු කරා...

" ඒ වෙලාවේ ඔයා ගැහුවේ නැත්නම් පාරක් උතුමාණන් තව දුක් වෙනවා..උතුමාණන්ගේ වේදනාව ටිකක් හරි අඩු උනා ඒ පාර නිසා... ඒ නිසා ඒ ගැන හිතන්න එපා... උතුමාණන් කොහෙද බලන්න. උතුමාණන් දන්නවා අපි දිදීට ආදරෙයි කියලා...."

ෆ්‍රොක්සි කියද්දී මාවල් හැර අනිත් හැමෝම ඔලුව ඉහල පහල කරලා ෆ්‍රෑන්ක්ව අනුමත කරා..

" උතුමාණන් ඇත්තේ සිරකුටියේ.."

මාවල් කියද්දී හැමෝගෙම ඇස් ලොකු උනා....

" මොකක්....?????"

" ඔව්.. මට දැනෙනවා ඒක.. එයා ලොකු වේදනාවකින් ඉන්නේ.. ඒත් එයාට යන්න බෑ දිදීව දාලා. ඒ නිසා එයා එයාටම වේදනාවක් දීගන්න තනියම සිරකුටිය ගියා. අනික එයාට දිදීට සිහිය ආවම මූන දෙන්න බෑ.. .. "

🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg ) Where stories live. Discover now