64 Capture - සතුට

1.3K 269 88
                                    

The Vampire Spirit






ශාන් චූටි උතුමාණන් වැළඳ ගෙන සිපගනිද්දී යීබෝ ශාන්ව එයා වෙතට ඇදගෙන දෑතින් තුරුළු කරගත්තා....

" බබා කෝ චුක්කී..?"

" නින්ද ගියා..
එයා එයාගේ පපා එනකන්ම කියලා මගේ අතෙන් බැස්සේ නෑ.. එයත් හිතුවක්කාරයි..පස්සේ එහෙමම මගේ අතේ නිදාගත්තම මම ඇදෙන් තිබ්බා.."

ශාන් කටත් ඇදකරලා ඇස් උස්සලා කියද්දී යීබෝ ශාන්ගේ නහය මිරිකුවා....

" අම්මි වගේම හිතුවක්කාර නැතැයි.."

දෙන්නත් එක්ක ගේ ඇතුලට ගියාම පවුලේ අනිත් හැමොම යීබෝගේ ලඟට දුවගෙන ආවා.. යීබෝ දැක්කේ හැමෝගෙම ඇස්වල තියන කනස්සලු ගතිය....

" චූටි උතුමාණන් හොඳින් ද උතුමාණෙනි .. කෝ අපේ මාවල්..?"

ලුලූ අහද්දී යීබෝ ලුලූ එක්ක හිනා උනා...

" එයා හොඳින්...!"

අපිට අද අමුත්තො එනවා..!"

" අහ්...?"

"අමුත්තෝ.... මෙහෙ..?"

"ම්න්..."

ශාන් වගේම අනිත් අයත් බැලුවේ යීබෝ දිහා පුදුමයෙන්.  සාමාන්‍යයෙන් යීබෝ මෙතරම් කාලයකට ක්ලෑන් එකට කිසි කෙනෙක් පිටතින් ගෙන්න ගන්නට එඩිතර උනේ නෑ... ශාන් පුදුමයෙන් බැලුවේ තනිවෙලා නපුරු පාටට හිටපු එයාගේ හබීගේ මූනේ ලස්සන හිනාවක් තියනවා. 

" හබී  කවුද එන්නේ..?"

එතකොටම මාවල් ඇතුලු පිරිස නිවස ඇතුලට එද්දී යීබෝ ශාන්ගේ අතින් අල්ලගෙන ඉදිරියට ගිහින් කට්ටියව පිළිගත්තා...

" බබා මෙයාලා Werewolf ලා.. මේ ඩෙරික් එතකොට මෙයා ස්කොට් මේ ස්ටයිල්ස් මේ තියෝ.. මෙයාලා තමයි අපේ චූටිවයි මාවල්වයි බේරගන්න උදව් කලේ.."

" ඔහ් හෙලෝගායිස්..."

ශාන් දත් සෙට් එක දාලා හිනාවෙලා තව ඉස්සරහට යන්නහැදුවත් ශාන්ට දැනුනේ යීබෝ අල්ලගෙන ඉන්න අත තද වෙනවා... ශාන් ඇස් ලොකු කරලා යීබෝ දිහා බැලුවම යීබෝ ශාන්ට කාටත් නොපෙනෙන්න රැව්වා....
ශාන් කටත් උල් කරලා යීබෝට ඇද කරලා චූටිව යීබෝ අතට දීලා ගිහින් මාවල්ව බදාගත්තා..

🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg ) Dove le storie prendono vita. Scoprilo ora