74 Capture - āļēāˇ”āļ¯āˇŠāļ°āļē

1.2K 254 102
                                    

The Vampire Spirit

‍යීබෝගේ සපාකෑමට පසු ශාන් අතැනම බිමට ඇද වැටුණු අතර යීබෝ ශාන් දෙස වේදනාත්මක දෑස්වලින් බැලුවා....
යීබෝ ශාන් ලඟට පාත් වෙලා නලලතට ගැඹුරු හාදුවක් දිලා නලලට නලල හේත්තු කරගෙන කඳුළු ඔහේ ගලාගන යන්නට ඉඩ දුන්නා....

" බබා දැන් සේෆ්... මගේ මාර්ක් එකට වැම්පයර් විෂ දැම්මා.. ඒකින් ඔයාට හරි සිහිය එයි..
ඒත් ඒක ලොකු වේදනාවක්.
මම කලින් ඒක නොකලේ ඒකයි....
ඒත් දැන් ඩැඩීට කරන්න දෙයක් නෑ බබා...
මට යන්නවෙනවා...
උන් නියම වෙලාවට අපිව අල්ලගෙන....
මගේ සැකය හරිනම් ඌ පැන්තෙරා....
බබා බයවෙන්න එපා.....
ඔයා කුටියට වෙලා සිහියට එන්න....
ඔයාගේ ඩැඩීට ආපහු එන්න බැරි උනොත් ඔයා දරු දෙන්නව බලාගන්න..
මම එයාලව පහල බංකරයේ තියනවා..
මම දන්නවා එයාලා ඩියුකේලියන්ස්ලා නිසා එයලට බංකරේ ඉන්න පුළුවන් !"
ඒත් උන්ට ඒකට එන්න බෑ...
මම ඔයාලා සේරම රැකගන්න ඕනි බබා..
පරිස්සමෙන් ඉන්න වස්තුවේ..... ඩැඩීගේ පන... ඩැඩීට මනුස්ස ගති සේරම ආවේ ඔයා නිසයි... එවිල් වැම්පයර් හදවතක් ඇති එකෙක් උනේ උඹ නිසයි බං....
හැමදේටම ස්තුතියි බබා....
මගේ චෙරි මල.....
ඩැඩී උඹට ගොඩක් ආදරෙයි මගේ මල....

යීබෝට තවත් කියන්නට ගොඩක් දේවල් තිබ්බත් යීබෝ ආපහු ශාන්ගේ නලලට හාදුවක් තියලා..
දොර තදින් අඟුළු දාලා වන්ග් මාළිගාව පිටිපස්සේ තියන භූගත බංකරයට ගියා..
දරු පැටව් දෙන්නව බංකරේ සැපපහසුවට තියලා දෙවෙනි යුධ නලාවේ හඬට යීබෝ වේදනාවෙන් බංකරයෙන් එළියට ආවා...
බංකරය ඇතුලේ රිදී නිසා යීබෝට අපහසුවක් දැනුනත් යීබෝට ඒකට මූන දෙන්න ප්‍රමාණවත් තරම් ශක්තිය තිබුණා...

යීබෝ වේගයෙන් ආපහු වන්ග් මාලිගාවට ගිහින් ශාන් හිටපු කුටිය ඇරලා බිම වැටිලා හිටපු ශාන්ව දෝතට ගත්තා....

"අපි යමු මගේ පැටියෝ...!"

යීබෝ ශාන්ව අරගෙන ගියේ වන්ග්ෂියාඕ මාළිගාවේ එයාලගේ නිදන කාමරයට... ඒකේ ආරක්ෂිත පද්ධතිය නිස ශාන්ගේ සුවඳ උන්ට දැනෙන්නෙ නෑ වගේම ශබ්ද පිට වෙන්නෙ නැති නිසා ඒ කාමරයට වඩා ආරක්ෂවක් තිබ්බා...
යීබෝ ශාන්ව ඇදෙන් තියලා ඔලුවත් අතගාලා ශාන් ඉන්න විදිය දිහා බැලුවා...

đŸĻ‡ī¸đŸ”žTHE VAMPIRE SPIRITđŸĻ‡ī¸(YizhanFF✔ī¸đŸ”šmprg ) Onde histÃŗrias criam vida. Descubra agora