24 Capture - ඩැඩී මම ඔයාගේ බබානේ

2.2K 357 67
                                    

The Vampire Spirit

මාළිඟාව තුළ පැවතුණු දැඩි අඳුර සමඟ අමුතු ගැහැනිය නිරුවතින් හිටපු  නිසා ශාන් කියාරාට නොදැනෙන්න වහලෙන් බිමට බැස්සා...

" ඒකි එහෙම හෙලුවෙන් හිටියට මගේ ඩැඩී එතන හිටියේ නෑ.. මට මගේ ඩැඩීව ගොඩක් විශ්වාසයි.. අනික ඩැඩී තනියෙන් ඉන්නෙත් නැ.  මාවල් අංකල් ඇති එයා එක්ක.. මම බොරුවට හිත කරදර කරගන්නේ ඔව්..  මම මෝඩයෙක් වගේ හැසිරෙන්නේ නෑ දෑ ඉදලා..  ඔව් ශාන් අපි යමු ඔයාගේ ඩැඩී ඇතුලේ ඇති..."

ශාන් තනියම කියවන ගමන් එයාගේ බයෙන් අවිශ්වාසෙන් පිරුණු හිත හදාගන්න උත්සහ කලා...
ශාන් එයාගේ මූන උස්සලා හද දිහා බලලා හදට රැව්වා..

""ඔයා නරක හඳ මාමා ඔයා නිසා මගේ ඩැඩා කතන්දර අහගන්නවා එක එක සක්කරවට්ටම් නිසා.....""

සීතල වෙලා තිබුණු කකුල් අද්දවලා එයා මාළිගාවට ඇතුල් වෙන ලොකු පඩිපෙල නැග්ගේ හදට කට උල් කර කරා ඇගිල්ලත් දික් කරමින් බනිනගමනුයි....

ඇතුලෙන් ඇහෙන ගෑනියෙක්ගේ මොර හඬක් එක්ක ශාන් ඉක්මනින් පඩියක් හැර පඩියක් තියලා එයාගේ දිග කකුල්වලින් ඇතුලට දිව්වා... මුළු මාළිගාවම කට්ට කළුවරයි...
ඒත් ශාන් දැනගෙන හිටියා ස්විච් එක තියන තැන.. මොකද මාලිගාවට බල්බ් සෙට් කරේ එයාට ඕනි විදියට නිසා.. ශාන් අත ගාලා අත ගාලා බිත්ති කොනකට ගිහින් ස්විච් එකක් ඔන් කරා..
වෙනදා තියන කලබලකාරි ගතිය නැති නිසා ශාන්ට දැනුනේ එයාගේ අයියලා මාළිගාවේ නැතිබවක්...

" ඒ කියන්නේ ඩැඩීත් නැද්ද...? මම බොරුවට කලබල වෙලාද..?"

ශාන් එයාගේ හිත සනසවා ගන්නගමන් පපුවට අත තියලා හිනාවුනා...

වටේම ලස්සන ලයිට්වලින් ආලෝකමත් වෙලා ගියත් ශාන් එයාගේ අයියලාගේ හෙවනැල්ලක්වත් එයාගේ ඩැඩිගෙ හෙවනැල්ලක්වත් දැක්කේ නැ...ශාන්ට කට්ටියගේ නම් කියලා කතා කරන්න හිතුනත් එයා වහලේ උඩ බලලා නිහඬ වුනා.. මේ අතරේ කියාරා ශාන් පහල ඉන්නවා දැකලා බයෙන් ඇස් ලොකු කරගත්තා....

" දෙයියනේ සියන්.. ආ යූ මෑඩ්..එයා යක්ෂයෙක් සියන්..."

ශාන්ට කියාරා කියන මෙලෝ මලදානයක් තේරුනේ නැතිකොට කියාරා තවත් නොකියා කට වහගත්තේ වැම්පයර් එවිල් කිංට ඇහුනොත් එයාගේ මරණයත් ඒකාන්ත නිසායි...
ශාන් හිමීට මාලිගාවේ පහල හැම කාමරයක්ම ඇරලා බලද්දී ආපහු ඉහළම තෙවෙනි මහලෙන් ගිරියටින් කෑගැසීමක් ඇහුනා..

🦇️🔞THE VAMPIRE SPIRIT🦇️(YizhanFF✔️🔚mprg ) Where stories live. Discover now