මම අම්මගෙ තනියට කෙනෙක් නවත්තන්න ගොඩක් උත්සහ කලත් අම්මා ඒකට කැමති උනේ නෑ.."බෑ බං.. ඇඳටම වෙලා ඉන්න ලෙඩෙක් වගේ, උබට ඕනේ මම ලෙඩෙක් වෙනව බලන්නද..?"
"නෑ අම්මා.. මමත් එක පයින් එන්න පුළුවන් දුරකද ඉන්නෙ නෑනෙ.. ඒකයි.."
"සිඟිතිලා ඉන්නේ... උබ ඒවා හිතන්නැතුව යන ගමන් පලංකො පුතේ.."
"අම්මව ඔහොම තනියම දලා යන්න බෑ අම්මා.."
"උබෙන් ඈත් වෙලා ඉන්න එක මට වහකදුරු වගේ පුතේ, මහ එකාට නැති කැක්කුමක් උබට කොහෙන් ආවද මම දන්නැ..."
"ඉක්මනටම ගමට එන්නම් අම්ම.. හිතන්නැතුව ඉන්නකො.."
"මගෙ පුතාට තුණුරුවන්ගෙ සරණයි.."
මම සිඟිති අක්කලහට ගිහින් අම්ම ගැනත් කියල, පොඩි ගානක් බස් එකට ඉතුරු කරගෙන සඟිති අක්කට ඉතුරු සල්ලි දුන්නෙ අම්ම ගැන උවමනාවෙන්ම බලයි කියලා හිතුන නිසා.. එපා කියද්දිම මම ඒක ස්තොප්පුවෙන් තියලා පාරට ආවෙ වෙන කරන්න දෙයක් නැතුව සක්කුවෙ තිබ්බ ලෙන්සුවෙන් තෙමුන ඇස් පිහන ගමන්.. ඒ මොකවත් නෙවෙයි
අම්ම ගැනම හිතද්දි විතරමයි..ඒත් එක්කම ආව බස් එකේ ලොකු සෙනඟක් නොහිටපු නිසා පිටි පස්සට වෙන්න ෂීට් එකක විදූරුවක් අයිනේ වාඩි වෙලා එලිය බලාගෙන ආවා..
ගම නිව්න තැනක්.. හරිම නිස්කලංක තැනක්.. මම මේ යන්නේ මේ තරම් හොද වටපිටාවක් ඇතෑරලා කොංක්රීට් වනාන්තරයකට නේද කියලා මට හිතුනත් මම ඒ ගැන නොහිත ඉන්න උත්සහ කලා..මට අම්ම ගැන ලොකූ බයක් තිබ්බා. ඉස්සරට වඩා අම්මා කෙලින් කටින් ඉදියත් ලෙඩ උන අම්ම ගාව ඉන්න බැරි පුතෙක් මොකටද.. මගෙම කියලා වෙලක් කන්න සල්ලි හොයා ගන්න විදිහක් තිබ්බ නම් මම කවදාවත් කොළඹට යන්නෙ නෑ..
මම ක්ලබ් එකට යන ජොබ් එකට අසාවෙන් ගියේ කීයක් හරි හියාගෙන ගමට ඇවිත් පොඩියට හරි කඩයක් දාග්න ඉන්න ටිකේ අම්ම එක්ක ඉන්න..
මටබ්කොතනද වැරදුනෙ කියලා මට හිතා ගන්න බැරි උනා..
පැය කීපයක් බස් එක එක දිගටම ධාවනය වෙලා තිබුනා ඒ අතරෙ මට නින්ද ගිහින් ඇහැරුනේ කොළඹට ආවමයි.. මම බස් කෙන් බැහැල වෙලාව බැලුව.. හවස 4කුත් ගානක් වෙලාව.. මට හිතුනේ දේව්ව හම්බෙන්න යන්න..
මම මුලින්ම පාවිච්චි කරපු සිම් එක ගලවලා දැන්මේ දේව් ට නොකියා ආව නිසාමයි.. මම අපහු සිම් එක දාගෙන දේව්ට කෝල් එකක් ගත්තා..