මම ගත්ත හුස්ම අල්ලගෙනම ගේට් එක ගාවට ගියේ ඒ රිද්ම අයියා බව හිත කිව්ව නිසා.. වෙන බයික් කාරයො නෑ මම දන්න..
"මහීම අභිමාන් වික්රමසිංහ "
"ඔව්.."
"සර්ට කෑම එකක් ඕඩර් කරලා තියනවා..
මට පොඩ්ඩක් එඩ්රස් එක කියන්න පුළුවන්ද..?""නොම්බර් 13/1/බී, ඇමෙන්ද්රා ලේන් , කොළඹ..01 "
"අහ් රයිට්.. මෙතන සයින් එකක් දාන්න සර්.."
"මේකට පේ කරලද තියෙන්නෙ.."
"ඔව් ඔක්කොම කරලා තියෙන්නෙ සර්.."
මම සයින් කරල කෑම එක අරන් ගෙට් එක වහල ඇතුලට ආව..
මම නොකාපු බව දන්නෙ සර්.. එතකොට කෑම එකක් එව්වෙ සර් එන එකක් නෑ ඒ කියන්නේ. කෑම එක කන්න හිතක් තිබ්බෙ නැති නිසා මම කෑම එක් මෙසෙ උඩින් තියලා ඇදට ආව..'මොනා උනත් උඹ ගැන කැක්කුමක් තියන නිසානේ කෑම එකක් එව්වෙ..'
හිත හැමවෙලාවෙම සාධාරණය කරන්න උත්සහ ගත්තා. ඒත් කෑම ගන්න සල්ලි නැති බව සර් දන්න නිස කෑම එකක් ඕඩර් කරන්න ඇති. මම සර්ට කෝල් එකක් ගත්තා..
කවදාවත් නැතුව ෆෝන් ඕෆ්..මට මතක් උනේ උදේම කමරේට ආපු සර්ව. එතන ඉදන් සර් එක්ක ගෙවපු හැම මොහොතක්ම.. මට කලින් දැනුන පාළුව වැඩි වැඩියෙන් දැනෙන්න ගත්තේ
සර් අද රෑ එන එකක් නෑ කියලා ඔප්පු වෙලා තිබියදියි..
මට මගෙ බෙල්ල පුරා අත යැව්නේ ඉබේටම.. කවදාවත් සර් මේ කාමරෙට එන්න ගත්තයින් පස්සෙ කාලෙකින් නිදහසේ තියන බෙල්ල කණ් පෙති සර්වද මේ ඉල්ලන්නේ..
උඹ මහා මායාකාරයෙක් සර්.. ඇයි මේ තරම් මට ලං උණේ.. මගෙ ඇස් වලින් යාන්තමට කඳුළු වලින් තෙමුන පලවෙනි දවස.. මම කීප සැරයක්ම ගත්තෙ සර්ට.. ඒත් ඒ නම්බර් එක ඕෆ් කියලා හඬ පටයක් ඇහෙන්න ගද්දිම මම ඇමතුම විසන්දි කරලා දැන්මේ මට මං එක්ක තිබ්බ තරහටමයි..'උඹ මෝඩයෙක් මහීම.. උඹ ගැන හොයලා බලපු, උඹේ බඩ කට පුරවපු ඒ මිනිහාව එලව ගත්තා.. උඹට තිබ්බ දැනගන්න දෙයක් තියනම් උඹ ගාවට ඒ දේවල් අහල දැන ගන්න... ඒත් ඒ මිනිසා හරි සතුටෙන් බං ඉදියේ දවසෙම.. උඹට ඒ ඇස් දිහා බැලුවම පෙනුනේ නැද්ද..'