"මම උඹට ආදරෙයි බං... මාව දාලා යන්නෙපා බං.. මාව විනාශ වෙයි මේ වගේ ටිකෙක් ටික, උඹට එහෙම බලන් ඉන්න පුළුවන් නම් විතරක් මාව දලා පලයන්..."
ඒ පපුවෙන් දැනුනේ ගින්දරක් වගේ රස්නයක්.. මම පපුවට තුරුල් උනේ ඇතිතරම්. මට කොහෙවත් යන්න ඔනේ උනේ නෑ.. සර් එක්කම එහෙම්ම ඉන්න ඕනේ කියලා හිතුනා.. මම සර්ගෙ අත හෙමින් ආයෙම අරගෙන බැලුව.. අතෙන් ආවේ බෙහෙත් ගඳක්.. සර්ගෙ අතට මොනා වෙන්න ඇතිද..? මගෙ හිතේ එක එක දේවල් මැවිලා පෙනුනා ඒ ඉන්න ටිකට..
"කියන්නකො මහත්තයො, අතට මොනාද උනේ..."
ඒ පපුවට වෙලා ඉද්දි.. වෙනදා වගෙම ආදරයක් දැනෙද්දි මට මන් ගැන පසුතැවීමක් දැනුනා. අගක් මුලක් නොදැනිම ඒ බෙහෙත් ගදට මට උන තුවලායක් වගේ පපුව රිදෙන්න ගත්තා..
"මොකටද අඩන්නේ... අත මොකුත් වෙලා නෑ, මේ තියෙන්නෙ.. තමුසෙ ලෑස්තියි වෙනවකො පන්ඩිත නොවී පරක්කුයි හොදටම.. අරහේ මාව හොයනවා ඇති මල්ලිලා එහෙම..."
සර් මාව පපුවෙන් මේ තරම් ඉක්මනට ඈත් කරපු පළවෙනි වතාව වෙන්න ඇති.. ඒ ඇස් වල තිබ්බෙ සතුටක්..
මමත් ඒ ඇස් වල ලියවිලා තිබ්බ ආදරේ අකුරෙන් අකුර කියෙව්වා..සර්ට යන්න හදිස්සියක් ඇති, සර්ගෙ හදිස්සිය මට තෙරෙනව.. ලොකූ පාර්ටි එකක්. සර් ඉන්නම ඕනෙ.. මඩුගල්ල සර්, මල්ලිලා, තව ආරාධිත අමුත්තො ගොඩක් ඇවිත් ඇති.. ඒත් තමන්ගෙ ආදරේ ඒ හැමදේකටම වඩා වටිනවා.. එහෙමයි මම හිතුවේ.. මට හදිස්සියක් තිබ්බේ වෙනදේකට...
සර් එන්න කලින් හිටියේ මම මොනවගේ තිරණයකද හිටියේ,
නයිට් පාර්ටි එකට නොයා ඉන්න,
මේ වහලයටින් වෙන තැනකට යන්න,
ඒ ගියාම සර්ගෙ මේ උණුහුම නැතිවෙනවා. ඒදේවල් වලට හුරු වෙන්න.. කෙටියෙන්ම කිව්වොත් මම මං වෙන්න. ඒ වගේ තිරණයක ඉදපු මට සර්ගෙන් අහලා විසදගන්න ගොඩක් දේවල් තිබ්බා..
ඒ වගේම සර් ලඟට එද්දි අමිහිරි මතකයන් නිසා බයවෙන හිතකුයි, සර් නැති තැන වැලපෙන හිතකුයි එක්ක මට ජීවත් වෙන්න බෑ.. මටත් ඕනේ සර්ට ආදරේ කරන්න.. මුළු හිතේම ඉන්නෙ සර් විතරමයි කියලා තුරුල් වෙන්න.. බයක් නැතුව ඒ පපුවෙ එලිවෙනකම් නිදා ගන්න.. සර්ට යන්න නොදී වද දෙන්න.. තව සර් ආසම දෙවල් ආයෙම සර් එක්ක බෙදාගන්න මමත් ආස වෙලා දැන්... කොටින්ම කිව්වොත් හිත පිරෙන්න ආදරේ කරන්න මටත් උවමනයි.. ඒත් මට ඕනේ උනේ සර් එක්ක නිදහසේ පොඩ්ඩක් කතා කරන්න..
කොයි කවුරු උනත් ආදරයක් ලැබෙනකම් ඒකෙ වෙන්වීමක් ගැන කතා කරන්නෙ නෑ.. මමත් එහෙමයි.. ඒත් ඒ ආදරේ ලැබුනම.. හිත ඉල්ලන ආදරේ ලැබුනම, ඒ ආදරේ ආයු කාලය ගැන ලොකූ බයක් හිතට දැනුනා..
මට සර් ආදරේ බව ඇත්ත.. සර්ගෙ ආදරේ මට ඕනවටත් වඩා දැනෙනව.. ඒකත් හරි.. ඒත් කවදා වෙනකම්ද.. මට ඕනේ උනේ ඒ ගැන සර් එක්ක කතා කරන්න.. නිකම් නෙවෙයි මේ පපුවට මේ විදිහටම තුරුල් වෙලාම...