#හැත්තෑඑක_කොටස 💜️

2.6K 326 9
                                    

ඊළග තත්පරේ මම දැක්ක දෙයින් මාව කරකවලා ඇතෑරියා වගේ උනා..
මම වටපිට බැළුවෙ කාමරේ වෙන කවුරුවත් තව ඉන්නවද කියලා.. නෑ කවුරුවත් ඉඳියේ නෑ.. මම ආයෙත් ඉස්සරට හැරුනේ කලින් කතා නොකල නිසා නෑහුන කටහඩවල් අහෙන නිසයි..

මට ඒ සද්ද ඇහුනේ ඉස්සරහා තිබ්බ බෆල්ස් වලින්.. මගෙ ඇස් නැවතුනේ ඉස්සරහ මැද්දට වෙන්න තිබ්බ වයිට් බොර්ඩ් එක ලඟ..
නිදහසේ ඉන්න ආදරණීය කපල් එකක් ප්‍රොජෙක්ටර් එක හරහා වයිට් බොර්ඩ් එකට වැටිලා තිබුනා.. විඩියෝවක් වගේ දිගටම ප්ලේ වෙන්න ගත්තා.. මම ආයෙම වට පිට බැලුවත් ඊට වඩා වේගෙන් මම ආපහු වීඩියෝ එක දිහා බලන්න ඇති. මට මතක් උනේ නුවර වැව රව්ම.. ඒ වෙලාවෙ හිතට දැනුන පාළුව, පපුව වේගෙන් ගැහෙන ගතිය ආයෙම දැනෙන්න ගත්තා..

ඒ දෙන්නා ඒ හවස ආදරණීයකර ගන්නව දිගින් දිගටම මම බලාගෙන.. මගෙ ඇස් ඒ දිහාම බලාගෙන හිටියා. එකිනෙකාගෙ තොල් එකිනෙකා පටලගෙන එයාලා ආදරේ වින්දා..
හවස් වරුවක ලස්සන තැනක. කොහෙද කියන්න දන්නෑ.. හුලං පාරක් ලොකූවට එන තැනක උන් දෙන්නා ඉන්නේ.. උස එකා සුදු සර්ට් එකක් ඇදගෙන හිටියා.. මිටි එකා ඇදන් හිටියේ මං වගේම කහපාට ටී ෂර්ට් එකක්.. මම මගේ ටී ෂර්ට් එක දිහා බැලුවා.. මට මතක් උනේ අපි හොස්පිටල් එන්න කලින් බොඩිම් කාමරේදි ධනා මට බැන්න හැටි..

                      --------------------------

"ඉක්මනට ලෑස්ති වෙයන් බං.. ලත වෙනවනේ.. මගුල් ගෙදරක නෙවෙයි යන්නේ.."

මම ධනාගෙ වදේටම උදේම නාලා පරක්කු නිසා බැනුම් අහ අහා ආව ගමනක් මේ.. මට මේ දැනෙන දේවල්.. ඇත්තමද..? කමරේට යද්දි ධනා මට මේ කහපාට ටීෂර්ට් එකයි කලියමයි ඇඳට දලා තිබ්බා.. ධනා මට බැන බැන ලැස්ති වෙද්දි මම ඇදගෙන ආවෙත් කහපාට ටී එකමයි.. මම ආයෙම ටී ෂර්ට් එක ඇතෑරලා වීඩියෝ එක බලන්න ගත්තා..

කහපාට ඇඳුම ඇද ගත්ත කොට කොල්ලාගෙ තොල්  ඕනෑවටත් වඩා උස එකාගේ අතින් හැපෙද්දි ඇයි දන්නෑ, රිදුනේ මට.. මම මගේ තොල් අත ගාලත් බැලුවා.. මට දැනුනේ මං ගාව කවුරු හරි ඉන්නවා වගෙ. මම බැලුවා.. නෑ. ඒ මට දැනෙන හැටි. මමත් ආසයිද ඒ වගේ උස ආදරේකට..? මගෙ හිතට සැහැල්ලුවක් දැනුනා.. ඒ ආදරේ වෙන්න ඇති.. මට දැනුනා.. මටත් ආදරයක් තිබිලා තියනවා එහෙනම්.. ඒකද මේ පපුව ගැහෙන්නේ මෙච්චරටම.. මම මගෙන්ම අහ ගත්තා..

නෙගටිව් 💜️Where stories live. Discover now