හවස 5.00 වහුවෙනවා කියන්නේ මේ පාරේ ඇගිල්ලක් ගහන්න ඉඩක් නැති තරමට වාහන.. ඈත එන බස් එක මම දැක්ක නිසා හෝල්ට් එකෙන් බැහැලා පාරට ආවා. බස් එක ඇස් ගැටුන නිසා
මීට තතපර 5කට 6කට කලින් මං ඉස්සරහම නවත්තුපු වහනේ මට මඟ ඇරුනා කිව්වොත් හරි.. ඒත් වාහනෙන් හෝන් පාරක් වැදුනා. මම ඒ දිහා බැලුවත් ඒ ගැන මට ලොකූ උවමනාවකින් නොබලපු නිසා ආවෙ කවුද කියලා මට අදුනන්න බැරි වෙන්න ඇති. ඒ පැත්ත නොබලම බස් එකට නඟින්න ඉදපු පොලිමට එකතු උන නිසා වෙන්නැති ගිවන්ත කාර් එකේ හෝන් එක ආයේ ආයෙම ගහන්න ඇත්තේ...හෝන් එක නිසා මම විතරක් නෙවෙයි එතන පොලිමේ ඉඳපු හැමෝම බැලුවා.
'කතා කරනවද නැද්ද.. මොනව උනත් උන්ගෙ තැනනේ මම ඉන්නේ, මම ඉන්නෙත් මාස දෙකයි, මට මුන් එක්ක හැප්පෙන්න ඔනේ නෑ.. ඒත් මම වැටුනේ ගිවන්ත නිසා, උබට නැගිටින්න ඌව පාවිච්චි කරන්න වෙනවා..' හිතින් එහෙම මට ම කියා ගත්තේ තත්පරේට දෙකට. අවසාන නිගමනේ උනේ 'ගිවන්ත සර් එක්ක කතා කරපං'ඒ නිසා මම, මං ඉස්සරහම නවත්තපු ගා එක ගාවට යන්න හොල්ට් එකෙන් පඩියක් බැස්ස.. ඒත් එක්කම කළු කාර් එකේ ඊට පොඩ්ඩක් අඩු කළු පාටුන් තිබ්බ වීදුරු ඊළඟ මොහොතේ පාත් උනා.. කාර් එක දැක්ක ගමන් වාහනේ අයිති ගිවන්ත කියලා හිතුවා වගේම කාර් එක ඇතුලෙ ඉදියෙත් ගිවන්තම තමා..
විදුරුව පාත් කලත් ගිවන්ත කතා කලේ නෑ.. හොල්ට් එකේ මිනිස්සු පිරිලා.. ඔක්කොම බලන් ඉන්නෙ මන් දිහා කියලා ඇතුලාන්තය දන්න මම හිතුවා..
ගිවන්ත වචනයක් කතා කලේ නෑ..
මට ආවෙ තරහක්..
මොකටද මේ තරම් පලි ගන්නේ..
මොනා කරන්නද මිනිස්සු හිතයි පිස්සු කියලා.. ඒ නිසා මම ම කතා කලා..."සර්, මොකුත් ප්‍රශ්නයක් "
"නෑ. ඇයි එහෙම ඇහුවෙ.."
"නෑ, ඔෆිස් එකේ වත් මොකුත් මග ඇරුනද දන්නෑනෙ මට. ඒකයි ඇහුවෙ.."
"මේ ඔෆිස් එක නෙවෙයි මහීම.."
ඒ ඇස් වල නිකමට මනුස්සකමක් ගැවිලා නෙවෙයි බලෙන් ගාලා පොතු ගැලවිලා හැලුන නටඹුනක් වත් තිබ්බෙ නෑ..
"නෑ කා එක නවත්තපු නිසා ඇහුවේ.."
"නවත්තපු එක ප්‍රශ්නයක්ද..."