සර් මගේ ඉණ වටෙන් අතක් යවලා මාව සර්ගෙ ඇඟට තව ටිකක් ලං කර ගත්තා.. නළලට නළල තියාගෙන නහයට නහය ගෑවෙන්න තරමට සර් මට ලං උනා.. ඒ හුස්ම කෙළින්ම මගේ බැනියම ඇතුලට යද්දි සර් නිසා දවස් දෙකක් රිදුන, පැය ගණන් එක දිගට ගිණිගත්ත පපුව සැනින් නිව්නා..
ඒ කට හඩ වසන්තයක් වගේ ඇවිත් නිමුන පපුවෙ ඉඩක් හෙව්ව.."මාහි..."
සර්ගෙ අතක් මගේ කම්බුල් ලාවට අත ගාද්දි ඒ හැමදෙකින්ම දැනුනේ මට ලෙංගතු බවක්. මාව ඕනේ වෙලා තිබ්බ වගේ හැගීමක්.. මම සර්ගෙ ඇස් දිහා තාමත් බලාගෙන, කොච්චර බැලුවත් මට මදිකමක් දැනුනා.. ඒත් ඒ ඇස් දිහා බලන් මට ඒ රුපේ රහ බලන්න බැරිකමක් දැනුනා.. ඒ වෙන මොකුත්ම නිසා නෙවෙයි.. වරදක් කරපු නිසාම.. අවංකවම මට මං ගැන පහත් කමක් දැනුනා.. මම බිම බලා ගත්තේ ඒකයි.. සර් මගේ නිකටින් අල්ලලා මූණ සර්ට හරියන විදිහට, ගැලපෙන විදිහට හදා ගත්තා..
"ඒ, මාව ආයෙත් ඒ වගේ බඳා ගනින්කො බං.."
'කලා වරෙන් පුතා දැන්.. දැන් හරිද, අහක යන නයෙක් රෙද්ද පල්ලෙ දාගත්තෙ මාහි උඹ.. මෙලෝ සිහියක් නැතුව පැනපු ගමන් බඳා ගත්තා නම් දැන් විදෝහං..'
පොඩි එකෙක් වගේ.. ඒ ඇස් වල තිබුනේ ආසාවක්.. ඒත් එකපාරට දැනුන හැගීමකින් මම ඒ දේ කලත් මට ආයෙ එහෙම කරන්න බැරිකමක් දැනුනා.."උබ හෙන කපටියි බං.."
මගෙ ඇස් ලොකු උනේ 'ඒ ඇයි' කියලා අහන්න වගේ..
"උඹ දන්නව ගුටිකන්න වෙනව කියලා. ඒ නිසා උඹ මාව දැලේ දා ගත්තා නේ.."
'දැලේ දාලා අල්ල ගන්නම පුළුවන් මිනිහනෙ. අනෙ මොකට කියනවද.. දැල් කැලේ කුලප්පු උනාම..'
ඒ මූණෙ තිබ්බෙ ලාවට ඇදුන හිනාවක්. වෙච්ච දෙවල් වල හැටියට මෙහෙම මූණක් බලන්න ලැබුන එකම ඇති ඉතින්.."සර්, අතාරින්නකො.. අල්විස් හරි ඒවි.. "
මම කිව්වෙ ඇත්තටම තාමත් දොර ඇරලා නිසා.. එලියෙ ලොකු වැස්සකට තටම තටම වැටෙන පොඩි වැස්සත් එක්ක එන හුළඟත් එක්ක සිතලක් දැනුනා.. සර් මාව අල්ලගෙනම කකුලෙන්ම දොර ලඟට අරන් දොරට තල්ලුවක් දැන්මා.. දොර ගිහින් වැහිලා ඉබේම ලොක් උනා..