ම්...මැඩම් මේ.., ගිවන්..ත සර්ද.."
"ම්... ඔව්.."
දෙයියනේ ඒ ගිවන්ත සර්ගේ මූණමයි. ලොකු පැහැදිලි කමක් නොතිබ්බ නිසා අපසු උනත් ඒ ඉන්න මම ආදරේ කරපු, මං එක්ක රණ්ඩු වෙවී ජිවිතේ බෙදාගත්තු කෙනායි කියලා දැනෙද්දි පොළව පලාගෙන යන්න තරම් හිතුනා.
ජිවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ගත්තෙ මගේ එතන ඉදලා.. සර්ව දැක්කම ඒ හැමදේම මට මතක් වෙද්දි මාව පිච්චෙන්න ගත්තෙ ඒකයි..
සර්ගෙ ඇස් දිහා බලන් ඉද්දි මේ ෆොටො එකෙ ඇස් මතක් වෙද්දි මට තව දුරටත් බලන් ඉන්න බැරි කමක් දැනුනේ ඒකමයි..
මම සර්ව හොස්පිටල් එක්කේදි මග අරියා නම් හේතුව මෙන්න මේක තමයි...******************************* මම මගේ අත උඩ තිබ්බ පොටො දිහා මම ආයෙ ආයෙමත් බැලුවා. ඒ පිංතූර වල හිටියේ මගෙ අම්මයි. ගිවන්ත සරුයි. සර් ගොඩක් පොඩියි. අම්මා සර්ව වඩාගෙන කෙල්ල කාලේ, වගේ.. ඒ කාලේ අම්මා ගොඩක් ලස්සන බව මම දැක්කෙත් එවෙලේ.. ඒත් දෙයියනේ, මේක වෙන්නෙ කොහොමද.. එතන තිබුන අනිත් පොටොස් බැලුවෙ මම කලබලෙන්.. හිත ඇතුලේ අවුල් ජාලාවකින් පිරුණා.. මගෙ කකුල් වෙව්ලන්න ගත්තා. එතකොට ගිවන්ත සර් මගෙ අයියද.. මොන පව්කාර කමක්ද මේ කරගත්තේ මම..මම කරකවලා ඇතෑරියා වගේ උනේ අන්තිම පොටො එකත් දැක්කමයි..
"මැඩම් මේ අපේ අම්මා..?"
"හ්ම්.. ඔව් මාහිම..."
ඒ පොටො එකක හිටියේ මඩුගල්ල සරුයි අපෙ අම්මයි.. මොනාද දෙයියනේ මේ. මම මැඩම් දිහා බැලුවා..
"ඒක දිග කතාවක් මහීම.. මම ඔයාට හැමදේම කියන්නම්, හැබැයි මට ඔයා පොරොන්දු වෙන්න ඕනේ.."
"මොකද්ද මැඩම්.."
මගෙ ඇස් තිබුනේ ඒ පොටෝ වල තාමත්..
"මේ කිසිදෙයක් ගිවන්ත සර් දන්නේ නෑ මහීම.. මම කිව්වෙ මේ අවුරුදු තිහක් විතර වහපු ඇත්තක්.. ගිවන්ත සර් මේ ගැන දැන ගන්න බෑ මහීම.."
"මැඩම්.. මම කොහොමද.."
"ඔයාට කොහොම හරි මේක කරන්න වෙනවා...
මම දන්නෑ ගිවන්ත සම්බන්ධයක් තිබ්බෙ ඔයා එක්කද නැද්ද කියන්න.. ඒත් මට සැක නොහිතුනා නෙවෙයි, ලොකූගෙන් යාලු වෙලා ඉන්න ළමයගේ පොටො එකක් ඉල්ලද්දි නෑ කිව්වහම... මට බලන්නත් එක්ක එහෙ එක්ක එන්න කියද්ද්දි පස්ස හගද්දි, නිතරම මහීම කියලා නමකින් කෝල් එද්දි මට දැනුනා ගොනා හොද කෙහෙල් ගහක් කනවා කියලා..
කොල් එන්නෙ ඇහුවම කිව්වෙ ඔඩර් එකක් කියලා. ඒත් ඒ ඕඩර් එක ආවෙත් නෑ කම්පනි එකට. ඒ කෝල නෑවිත් තිබුනෙත් නෑ ඉතින්. අම්ම කෙනෙක්ව රවට්ටන්න දරුවන්ට බෑ.. මොකද අපිනේ හැමදේම ඉගැන්නුවේ.. ඉතින් මට නිකමට හිතුනා.. එහෙම දෙයක් නම් මම කොහොමත් අමකැත්තෙන් ඉදියේ. මම ඉදියේ බැඳපු කෙල්ලෙක්ද, නැත්තම් වෙන මොකක් හරි වුන ගැලපෙන්නෙ නැති ළමයෙක්දෝ කියලා මට සැක හිතුනේ.. ඒත් මේ වගෙ දෙයක් මම හීනෙකින්වත් හිතුවෙ නෑ මහීම..