මම දෙව්ගෙ අතින් තද කරලා අල්ල ගත්තේ ඒ වෙලාවෙ දැනුන හැගීමට..
"මොකො.."
"අ...අර බලපන්.. අර කොණේම ට්..ටේබල් එක.."
දේව් මගේ ඇස් එල්ල වෙලා තිබ්බ රේකාව දිගේ කොණේම ටේබල් එක දිහාවට එල්ල උනා.. දෙව් ටේබල් එක දිහා බැලුවට වඩා වේගෙන් ආපහු මන් දිහා බලුවා...
"අරකිගෙ ඩ්‍රයිව නේ..? ඌ මොකද මෙහේ කරන්නේ.."
"ඩ්‍රයිව..?"
"ඔව්.. මූ කුමුදු හත්වලාමගෙ ඩයිවනේ බං..."
දේව් මේ කියන්නේ මොකද්ද...? ඒහෙම හිතන ගමන් මට ඒ කොණේ ටේබල් එක දිහා ආයේ බැලුනා. ඔව්. ඒ ඒ මිනිහමනේ.. එදා දේව් යි මායි කුමුදුගෙ ගෙදර ගිය වෙලාවේ කාර් එක ඇතුලෙදි දැක්ක මූණ..! ඔව්.. මේ ඌම තමා..
මම දේව්ගෙ අල්ලගෙන අත තවත් තදින් අල්ල ගත්තේ, හිත ඇතුලේ අලිතින් ප්‍රශ්න් දළු දාන්න ගත්ත නිසයි..."උඹ ඒ කවුරු කියලද කිව්වෙ.."
"කුමුදුගෙ ඩ්‍රයිව බං.. මොකො.. ඒ මිනිහා දැකලා උඹ මේ මහසෝනා දැකලා වගේ බලං ඉන්නෙ.."
දේව් මං දිහා උවමනාවෙන් බලනවා දැක්කත් මම බලන් ඉදියේ ඒ මිනිහා දිහාමයි.. ඩ්‍රයිව කියලා දන්නෙ දැන් උනත් එදා වගේම අදත් මට ඒ මූණ හුරුවක් දැනුනා.. කියන්න අවශ්තාවක් ආවේ නෑ.. එදා ඒ මිනිහා මව දැකලා ටිකක් අමුතු උනා.. එදත් මට අමුත්තක් දැනුනා.. අදත් ඒ අමුත්ත ඒ විදිහටම දැනෙනවා. මෙයා මගෙ අතීතෙට සම්බන්ධ කෙනෙක් වෙන්නම ඕනේ.. ඒත් ඒ කොහොම සම්බන්ධයක්ද?
ඒ නිසාද මට මේ මිනිහා දැක්කම හුරුවක් වගේ දැනෙන්නේ... මේ කවුරු වෙන්න බැරිද..?
මම අලුතින් දළු දාපු ප්‍රශ්න ලිහන්න කොණක් හෙව්වා.. දේව් මගෙ අත්වලින් අල්ලලා හොල්ලනවා දැනුන නිසා, අපිව තාමත් නොදැක්ක වෙරි වෙලා ඉන්න ඒ මිනිහගෙන් මම ඇස් දෙක අහකට ගත්තේ පියවි ලොකෙට ඇවිත්.."මොකද හු**තො.. වෙලා තියෙනෙනෙ.."
"ම්....මේ මිනිහව මට හොදටම හුරුයි බං.."
"හුරුයි...?"
"ඔව්.. මතකද මම කිව්ව උඹට කුමුදුගෙ කර් එක ඇතුලේ මිනිහෙක් ඉන්නවා දැක්කා කියලා.."
"ඕ....ඕ..."
දෙව් ඒ මිනිහා දිහා බලුවේ මට උත්තර දෙන ගමන් හදිස්සියට.. මොකද දෙව් දැන් දනවා මගෙ උත්තරේ. මම දේව් හිතපු උත්තරේම දුන්නා..