ඒ සර්ගෙ සුවඳ නෙවෙයි, ඒ සර් මාව බදා ගන්න විදිහත් නෙවෙයි.. වෙනස්ම සුවඳක්, වෙනස්ම දැනීමක්..
සර් නෙවෙයි නම් කවුද මාව ඒ විදිහට බදාගන්න එන්නේ, තත්පරේටත් අඩු කාලෙකදි හුඟාක් දේවල් මගෙ හිතේ ඇඳුනා. මම විදුලි වේගෙන් ආව එකා දිහාවට හැරුනා..
මම බලපු විදිහට ඌ බයවෙන්න ඇති. උගෙ මූණෙන් ඒක පෙව්නා."සොරි සොරි.. බබෝ හිතලා හැපුනේනෑ... මං, මං... මේ වතුර එකක් බොන්..න ආවෙ.."
බීලා බීලා කෙලින් ඉන්න පණ නෑ.. ඒ මදිවට තව වතුරත් බොන්න ඇවිත්. උඩ ඉන්න උන් ඔක්කොම ඔහොමද දන්නෑ.. මට දැනුනෙ සර් ගැන තරහක්.. සරුත් බීලා තිබියංකො මාහි කවුද කියලා බලාගන්න..
ඒ වතුර බොන්න ඇවිත් තිබුනේ අර කොලු තාත්තා. නම නම් දන්නෑ මොකාද කියලා.. නාකි උනාට මනමාල පාට බේරෙනව.. කොන්ඩේ සුදු උනාම කලු කරන්න දඟලන මිනිස්සු අතරෙ මූ ටිකක් වෙනස්ම එකෙක්ද මන්දා.. රැවුලත් තැනින් තැම සුදු වෙලා...ඒත් කලු කරන් නැත්තෙ ඇයි.. මොනා උනත් උගෙ පෙනුමට ඒ සුදු කොණ්ඩෙ රැවුල බාධාවක් වෙලා තිබුනේ නෑ කියලයි මට හිතුනෙ. කළු ප්‍රේම් කණ්නඩි දෙක නිසා ඌ තව අවුරුදු දෙක තුනක් තරුණ පාටට පෙනුනාද මන්දා.. උඩ කරුවලේදි හරියට දැක්කෙ නැති නිසා වෙන්න ඇති මගෙ ඇසුත් ටිකක් ඒ මිනිහා දිහා බලන් ඉදියෙ.."වතුර එකක් දෙන්නම්, ටිකක් එහයින් ඉන්න.."
"අහ් ඉට්ස් ඕ..කේ, සුදූ..මම ඈතින් ඉන්නම්..ඔයා කියනවා නම් මම.., මම ඈතින් ඉන්නම්..."
බිලා නෙවෙයි මූ නාලා.. මම වීදුරුවක් හොදලා අරන්, සින්ක් එකෙන් වීදුරුවට වතුර එකක් අරන් ඒ මිනිහට දුන්නා. කෙලින් ඉන්න පණ නැති නිසා වෙන්න ඇති මිනිහ පුටුවකිනුත් වාඩි වෙලා.. මූණත් පහලට බර වෙලා ගිහින්..
"මේ..... මේ ගෙදර ඔයාගෙද මල්ලි.."
"ඔව්.."
"තනියමද ඉන්නෙ.."
"නෑ අම්මයි තාත්තයි ඉන්නව.."
"කො.. එයාලා..නෑනෙ.."
" දැන් එයි.."
මම තේ එක්ත් අරන් සාලෙට යන්න ගියේ මුගෙ වදෙන් බේරෙන්න. මූ බිව්වට මම බයිට් නෙවෙයිනෙ.. මම යන්න හදද්දි එක පාරටම පහලට ඔබාගෙන ඉදපු මූණ උස්සලා මට කතා කලා..