#අවසානය..... (Last episode )

6.9K 376 92
                                    

2017 .10 . 28

"නුවර ලස්සන වැස්සටලු.." ඔව් ඒක ඇත්ත. හතරවටින්ම මීදුම.. හවස 2ට පටන් ගත්ත චුරු චුරුව තාම ඉවරයක් නැතුව එක දිගට වහිනවා.
මම සර්ට කෝල් එකක් ගත්තේ දැන්ම එනවද අහන්න..

"කොහෙද ඉන්නෙ.."

"ටවුන් එකට ආවා.. ඇයි.."

"පරක්කු මොකද කියලා බලන්න ගත්තේ.."

"මේ වැස්සත් එක්ක බෑ අප්පා.. ලියනගේ එන්න කිව්ව අර ඉඩම බලන්න.."

"දැන් ඕවගෙ යන්නෙපා.. හෙට යං.."

"හරි, මම ආවේ වෙන වැඩකටත් එක්ක. තියන්න මම එන්නම්.."

සර් ඩිසන් විදිහට කතා කරන්නේ කවුරුහරි ලඟ ඉන්නවවද්ද..?
මට ඕනේ උනේ සැක හැර දැන ගන්න..

'කවුද ලඟ ඉන්නේ..'

හිතට ආවේ එහෙම අහලා දැන ගනින් කියලා වගේ එකක්. ඒත් මම දන්නවා සර් අතින් වැරැද්දක් නොවෙන බව.. ඕක ඇහුවොත් ඉන්න තැනත් අමතක කරලා හොදවයින් දෙකක් කියයි.. අහන්න කලින් සර් දෙන් උත්තරේ කණ් වල ඇහෙන්න ගනිද්දි මම ඉවසුවා සර් ගෙදර  එනකම්..

"පරිස්සමින් එන්න එහෙනම්.."

සර් මොකුත් නොකියම තිබ්බා.. මොකක් හරි ප්‍රශ්නෙක ඇත්තේ.. මම හිත හදාගත්තා. වෙනද නම් ඉතින්

"මොනාද ඕනේ තමුසෙට.."

"මොකුත් එපා.. ඉක්මනට එන්න.."

"හ්ම්.."

වෙනදට නම් ඔහොමනේ කොල් එක කට් වෙන්නේ.. සර් ආවම මූණ එල්ලන් නිදාගනන්ත් හේතුවක් හදාගත්තා මං..

මම කුස්සියට ගිහින් වතුර එකක් ලිපේ තිබ්බේ ලයිට් නැති නිසා නෙවෙයි ඉස්සර වගේ බෑ. පිරිමහන්න ඔනේ නිසා..
මම ෆිජ් එක ඇරලා කෝෆි චොක්ලට් කේක් කෑල්ලක් කපන් කෑවේ එවෙලාවේ දැනුන කේක් බඩගින්නට..
ඇත්තටම ඒක වටින කේක් එකක්..
දිවට දැනුනේ කෝෆි චොකලට් රහත් එක්ක පැණිරසක්..

#කලින්_දවසේ.  (ඊයේ..)✌

ලතික ඊයේ අපෙ නුවර ගෙදරට ආවා.. ලතිකට එන්න කියලා ලොට්‍රේන් එකේ හැමදේම කියලා දීලා ෆයිල්ස් පවා ලතික සර්ට දුන්නෙ ලොට්‍රේන් එක ගොඩ ගන්න ඕනේ නිසා මගෙ කටේ බලේට.. ඔෆිස් යන්න කිව්වම නොගිහින් නුවර ඇවිත්... ඇත්තටම ලොට්‍රේන් එක බංකොලොත්. අපි තිරනේ කලා ලොට්‍රේන් එක ආයෙ ගොඩගන්න අපිට ක්ලබ් එකේ ශේයාස් සේල් කරන්න උනා..
ඒ සල්ලි වලින් සර් නුවරින් තව ඉඩමක් බලලා ගන්නවා කිය කියා හිටියා මටත් යං ගගා.. මමත ආස මෙහෙම. එදා වේල හම්බකරන් කන වගේ දෙයක්.. සර් එක්ක.. ඒක හීනයක්.. හැබෑ වුන. මට මගේ ආදරේ ගැන ආඩම්බරයි..

නෙගටිව් 💜️Where stories live. Discover now