"අනෙ ඇත්තට පිස්සුද සර් ඔයාට.."
"ඔව් මට පිස්සු.. මට පිස්සු.."
මම සර් දිහා ඇත්තටම බලන් ඉදියේ සර්ට මොන පිස්සුවක් හැදිලද කියලා බලාගන්න.. ඒ මූණ රකුසෙක්ගෙ වගේ කළු වෙලා ගිහින්, ඒ රෑ හරි හමන් එලියක් නැති නිසා මට සර්ව දැක්කම දැනුනෙ තවත් බයක් විතරමයි.. කොහෙද යන්නේ නාහම මාත් පාඩුවෙම ගියේ යන දේවලෙක යනවා නැතෑ කියලා හිතන ගමන්..
සර් කාර් එක පදිනවා නෙවෙයි ඉගිල්ලෙන්න හදනව. මම කීප සැරයක්ම බැලුවේ සර් දිහා නවත්තන්න කියන්න.. ඒත් ඒ මූණෙ තරහ අඩුවක් තිබ්බෙ නෑ.. එහෙන් තොලෙ ඉඳිකටු අනින්න වගේ රිදෙනවා..
බැරිම තැන කතා කලේ ගෙදර ඉඳනුත් විනාඩි පහට කිලෝමීටර් 5ක් විතර ආව නිසා.."කොහෙද යන්නේ කියනවද.."
"හු**න්න යන්නේ.. ඇයි බැරිද...?"
"ඔව් එච්චරනේ පුළුවන්.."
"අද බැරි නිසානේ වෙන එකෙක් එක්ක හැමිනෙන්න හැදුවෙ නේ.."
"අනේ ප්ලීස් සර්.. නැති මගුල් ඇදලා ගන්නෙපා.. පනිනවා වහනේන් මගුල.."
සර් කොහෙදෝ මන්දා අතුරුපාරකට දාලා නැවැත්තුව.. නවත්තලා හරියට ගෙදර ඉදන් පයින් ආවා වගේ ලොකු හුස්මක් ඇතෑරියා.. මම හොරහැරින් බලන් ඉඳියෙ සර් දිහා.. සර් ශීට් එකට ඔළුව බර කරගෙන කා එකේ උඩ බලන් ඉදියා. මට ගැහුවා කලා උනත් මගෙ හැමදේම බැලුවේ මේ සර්. සර් ඉන්නෙ ප්‍රශ්නේක බව මට තෙරුම් ගන්න බැරිකමක් තිබ්බෙ නෑ..
"මොකද්ද වෙලා තියෙන්නෙ අහ්.."
සර් එහෙම්මමයි..
"ඇයි මෙහෙ ආවෙ.. මොකද්ද ප්‍රශ්නෙ කියන්නකො.."
"ප්‍රශ්නෙද.. ප්‍රශ්නේ අර රිද්ම කියන එකා.."
"මොකද්ද දෙයියනේ ඌ එක්ක තියන ප්‍රශ්නේ.."
"ප්‍රශ්නේ, උගෙයි උඹෙයි ෆෝන් දෙක්ම බිසී උන එක,.."
"විකාරද සර්.."
"මට විකාර නෑ.. ඔෆිස් ආවත් ඇයි ඌ මගෙන් අහන්නේ උඹ ගැන.. ඌ මොනාද දන්නේ අපි ගැන.."
"මොකවත් දන්නෑ.. ඇයි.."
"මගෙන්ම අහන්නේ.. දැන් ඌට ගනින්. අරගෙන කියපන් මං එක්ක ඉන්නෙ කියලා.."