"මොකො සද්දයක් නැද්ද බං.. මොකො අවුල.."
"ඒක දිග කතාවක් බං.."
දේව් කොච්චි ටිකට්දෙකක් අරන් එයින් එකක් මට දුන්නේ මගෙ දිග කතාව ඌ අහගෙන ඉන්න ටිකට් ගත්තා වගේ.. මම යාන්තම් හිනා උනේ හිතට සහනයක් දැනුන හින්දා..
මමත් දේව්ත් ගිහින් කොච්චියෙන් ඉඳගත්තා.. දෙව් ගෙනාපු බෑග් කොච්චියේ බෑග් රැක් එක ඇතුල බෑග් දෙක දැන්මා.. මට දාන්න බෑග් එකක් තිබ්බෙ නෑ. මම ඔහේ හිතුන පලියට මේ ගමන යන්න දාගත්තට සර්ටවත් කියලා නෙවෙයි මම මේ ආවේ.. ඇදුම් කොහෙ ලෑස්ති කර ගන්නද? මට ඔනේ උනේ ඒ මූණ නොදැක ඉන්න.. අද හිත කලබලයි.. වෙනදා වගේ හිත හදන් මට සර් එක්ක ගෙදර ඉන්න බැරි කමක් දැනුනා.. සර් මේ කිසි දෙයක් දන්නෑ. මට ඒව සර්ට කියන්නත් අයිතියක් නැත්තම් මම සර්ව මඟ අරින එක හොදයි කියලා හිතිලා ආව ගමනක් මේ.. රාණිට කෝල් එකක් දීලා ආවේ ඒ ගෑනි විතරක් ගෙදර තනියම මඟ බලන් ඉන්න නිසා..
"රාණි මම මහීම.."
"ආහ් මත්තයෝ, නෝනාට මොකද?.. කොහෙද ඉන්නේ.."
පව් ඒ ගෑණිගෙ හිතෙත් අම්මා ගැන ලොකු ගරුත්වයක් තිබුනා.. උදේ වහනේට ලෑස්ති කරලා ආව ගමන.. ඒ ගෑනි කිසි දෙයක් දන්නෑනේ අපි කියනකම්.. ගෙදර වැඩ වගෙම අපි ගැනත් හොයලා බලන බව මට තෙරුනේ ඒ කලබල වචන වලින්..
"අම්මා ඇඩ්මීට් කලා රාණි.. මම අද එන්නෙ නැහෑ කියන්න මම කොල් කලේ.. ඔයා දූලගෙ ගෙදර යන්න රාණි..."
"හවස් වෙලා යන්නම් මාත්තයා.."
"නෑ රාණි අස් පස් කරන දෙයක් කරලා යන්න.. හවස් වෙනකම් ඉන්නෙපා.."
"හරි මත්තයා.. ලොකු මාත්තයා එවිද? දොර යතුර් මාත්තයා.."
" දොරවල් හොදට වහලා දලා රාණි. ඔයා යද්දි යතුර අල්විස්ට දෙන්න ගිවන්ත මහත්තයට දෙන්න කියලා... .."
"හොදමයි මාත්තයා.."
මම කොටුවට එද්දිත් සර්ගෙන් කෝල් එකක් ආව.. ඒත් මං ආන්ස්වර් කලේ නෑ.. මොනවා කියන්නද මම?.. මම අද දල යනවා කියන්නද? සර් මගෙ මොකා උනත් කිසිම දෙයක් නොදැන මම ඒ මිනිහට නොකියා කිසිම රැයක් ඉඳලා නෑ.. මේ එහෙම ඉන්න යන පළවෙනි වතාව.. අදින් පස්සෙ සර් මන් ගැන මොනවා හිතයිද? මට ඔනේත් සර්ට මාව එපා වෙන විදිහට ඉන්න.. මම ඒකමයි මෙහෙම ගමනක් දා ගත්තේ...