"බලපන් මාහි.. මං දිහා බලපන්.."
මගෙ ඇස් ඒ ඇස් දිහා බැලලා ආයෙම සර්ගෙ පපුව ලඟින් නැවතුනා..
"උඹෙ අම්මා,මගෙ අම්මා කියලා වෙනසක් නෑ බං.. මට කෝයි කෙනත් එකයි.. අපි අම්මගෙ ඇස් වලට ස්පේස් දෙකක් දාමු..."
සර් මාව සනසන්න පපුවට තවත් තුරුල් කර ගත්තේ මගෙ ඔළුවත් එක අතකින් බදා ගන්න ගමන්. මට ඒ පපුව ඒ වෙලාවේ ඔනේ මොන විදිහටද...? ඒ විදිහටම දැනුනා.
මට සර් හරි ඉන්නවා. අම්මට කවුද ඉන්නෙ... සඟිති අක්කා තව ටිකකින් උයලා තියලා යාන්න යාවි... මගෙ අම්මා තනි වෙනවා ආයෙම.. අම්මා රෑ ඇදට වෙලා මොනවගෙ දෙවල් කල්පනා කරනවා ඇද්ද වෙනදට..? ඒ හිතට මොන වගේ දේවල් හිතෙනවා ඇද්ද එහෙම කල්ප්නා කරද්දි..?
මම මේ හැමදේම කරන්නෙ අම්මගෙ බෙහෙත් තුණ්ඩුව නිසා.. අම්මගෙ බෙහෙත් තුණ්ඩුව නොතියෙන්න මට මේ කිසිදෙයක් ලැබෙන්නෙ නැතිවෙන්න තිබ්බා.. මේ වගෙ ආදරයක්... මේ වගෙ පපුවක්.. මට නොලැබෙන්න තිබුනා.
සර් කරදර කරද්දි මම කොළඹ දලා නොගියෙ අම්මා නිසා.. බෙහෙත් තුණ්ඩුව නිසා.. අම්මා නිසා මට ජිවිතයක් ලැබුනා වගෙම ඒ ජිවිතෙ ලොකුම සතුටත් ලැබුනා..
තව මොනාද..? මට මේ ණය ගෙවන්න ඔනේ. මම සර් නැතුව හරි හෙට අම්මව බලන්න යන්නොනේ.. සර්ව එකපාර එක්ක යන්න බෑ මට ගෙදර.. දුප්පත් කම නිසා නෙවෙයි.. ඒක මගෙ හිතට බරක්.
මම ලොකු හුස්මක් ඇතෑරියම සර් මගෙ ඔළුව ඉඹලා මූණට එඹිලා හිනා උනා.."මොනාද හුල්ලන්නෙ දාගෙන අහ්.. මම ඉන්නවනෙ උඹට.. හිතන්නෙපා.."
"මට දුකයි සර්.. මගෙ අම්මා.."
"හරි.. මට තෙරෙනවා..අපි හෙට යන්කො.."
"සර් හෙට ඔෆිස් යන්න... මම ගෙදර ගිහින් එන්නම්.."
"ඇයි මං එන්නෙපද..?"
"අහන්නකො.. එහෙම නෙවෙයි, කුමුදු මැඩම් උනත් ඒ දෙට කැමති නෑනෙ, මමත් කැමති නෑ සර්.. කම්පනි එකට පාඩුයි සර් නැතුව.. මම ගිහින් එන්නම්.. සර් හෙට ඔෆිස් යන්න..."
"කොහොමත් පණ්ඩිත හු**තනේ මගෙ.."
සර් මාව නොහැසෙන්න ආදරයක් දෙන බව තෙරුනා.. ඒ මගෙ දුක නිවන්න.. ඒත් අම්මා වෙනුවෙන් ඇතිවුන ගිණ්න නිවන්න මේ ලොකේ කාටවත් බෑ.. ඒත් මම බොරුවට රඟපෑවෙ සර් වෙනුවෙන්. මේ වෙලාවෙ ලඟ නැති අම්ම වෙනුවෙන් දුක් වෙලා සර්ගේ සතුටින් ගෙවන හොරා කීපය මට විනාශ කරලා දන්න ඕනේ උනේ නෑ.. මම හිත ඇතුලින් හුල්ලලා සර් දිහා බැළුව. රළු සිතුම් පැතුම් තියන මිනිහෙක් නිව්නම එළුවෙක්ටත් වඩා අහිසකයි දෝ කියලා මට හිතුනා..
මට ඔනේ උනේ ඒ අහිංසක කම නෙවෙයි.. මම පපුවට ගහන ගමන් ඒ පපුවෙන් ඈත් උනේ වැරැද්දක් අල්ලගෙන..