"තවත් තෝ දිහා බලන් බත්වත් කන්නෑ යකො මං.. තෝව මට අපිරියයි "
මං කියන්න ආව වචන කට ඇතුලටවත් නෑවිත් උගුරෙදිම ලොක් උනා.. මම එහෙම්ම ගේට් එක අල්ල ගත්තේ ඇඟට පණක් නෑ වගෙ දැනුන නිසා.. සර් එහෙම්ම කාර් එකට නැගලා යන්න ගියා.. මම ගෙට් එකට ඇරගෙන එලියට ගියෙ සර් අල්ල ගන්නම නෙවෙයි.. කරන්නෙ මොකද්දවත් කියලා අදහසක් නැතුව..
"මම උඹට ආදරෙයි සර්.. යන්නෙපා බං මාව දලා.."
මම පාරට වෙලා කෑ ගැහුවේ සර් ඈත යද්දියි..
'ඔතනට වෙල ඉන්නෙ එයි කියලද.. ගිහින් කොලෙකක් දීපන් ගිහින්..' හිත කිව්ව දෙවල් වලට එකඟ වෙලා මම ගේට් එක ඇරන් ගෙට දිව්වෙ සර්ට කොල් එකක් දෙන්න..කමරේට ගිහින් ලයිට් එක දලා ෆෝන් එක හොයන්න ගත්තේ ඇදෙ කොට්ට විසි කරන ගමන්. අහු උන ෆෝන් එකෙ ලොක් එක ඇරලා ඇදෙන් වාඩි දෙන ගමන් මම සර්ට කෝල් එකක් ගත්තා..
පලවෙනි කෝල් එක රින්ග් වෙවී තිබිලා කට් උනා. දෙවනි කෝල් එකෙත් එහෙම්ම කට් උනත් තුන් වෙනි කෝල් එක සර් ආන්ස්වර් කලා.. හිතුවෙ නැති විදිහට ආන්ස්වර් කල නිසා මම වට පිටාවෙ තිබ්බ වචන ටික අහුල ගත්තා.."ඇයි හු$%තො වද දෙන්නේ..."
"ස..ර්.. කොහෙද ඉන්නෙ.."
"ඇයි අහන්නේ.. මම කොහෙ හිටියත්, මොනා කලත් උඹට ප්රශ්නයක් නෑනෙ, මෙච්චර කල් ප්රශ්නයක් උනෙත් නෑනේ
.දවස් දෙකක් ගියා.. කෑවද බිව්වද හොයල බැලුවෙ නෑනේ.. ලබ්බටද ප%යො දැන් ගන්නේ...""සර් එන්න ආපහු.. කතා කරමු අපි.."
"අනෙ මේ, තියහන් ෆෝන් එක.."
"සර් එන්න බෑ නම් කියන්න මම එන්නම් ඉන්න තැනකට.."
"උඹට පිස්සු උනාට මට පිස්සු නෑ.. ඔන්න ඕක තියහන්.."
"ස්....ස.."
සර් ෆෝන් එක තිබ්බා.. මම මොකද කරන්නේ ආයෙ ගත්තෙ බැනුම් ඇහුවත් කමක්නෑ කියලා හිතන්.. සර් ඒ ගත්ත කෝල් එක කට් කරලා දැන්මා..අයෙ ගනිද්දි ෆෝන් එක ඕෆ්.
හිතට දැනුනේ පරජිත කමක්...දවස් දෙකක් නැතුව පාලුවෙන් ඉදපු මම ආයෙම ඊටත් වඩා මූසල පාළුවකට ඇදගෙන වැටුනා.. මුල ඉදන්ම, සර් දැක්ක දවසෙ ඉදන් මේ දැන් විනාඩි ගානකට කලින් දක්කාම සර්ව මගෙ හිත අදුන ගත්ත හැටි, සර් මම එක්ක කතා කරපු දෙවල්, සර් මගේ ලඟට ඇවිත් කරපු කියපු හැමදේම එකින් එක ගැලපිලා හිතේ මැව්නා.. සර් මට කියලා ගිය වචන ටිකත් මගෙ කං වල දෝංකාර දුන්නා..