ඉදියාප්ප මුලට තිබ්බේ කහපාට, කූණිස්සො දාපු පොල් මැල්ලුමක් එක්ක තක්කාලි හොදි ගොසරියක්. කැන්ද කොල වල ඔතාපු ඉදියාප්ප මුල් දෙකක්. බඩ පිරෙන්න කෑවෙ ඉදියාප්ප ඒ විදිහට රහ නිසාමයි..
කලා විනාඩි 15ක් විතර යනම මගෙ පුරුදු පිරිසුදු වෙන වැඩ ටික කරගෙන මම ලැස්ති උනේ බෙහෙත් වේලට..
අමාරුවක් තියනව නම් මට නොදැනි හෝ ඇඟ ඇතුලෙන් ඒකත් හොද වෙන්න හිතාගෙන...රිද්ම අයියා අරන් දුන්නේ වේල් 03 කට හරියන්න බෙහෙත්. උදේට බොන්න බෙහෙත් වේලක් තියනවා.. ඒත් මම නිකමට හිතුනා ගිවන්ත අරන් දුන්න බෙහෙත් මල්ල අරගෙන බලන්න..
බෙහෙත් කවර වලට වඩා ඇස් ගියේ වෙන දේකට.. ඔෆිස් යන්දො නොයන්දෝ කියලා හිත හිතා ලත උන මම ඔෆිස් යන්නම ඕනේ කියලා හිතුනේ ඒ දේවල් දැක්කට පස්සෙයි.. මම බෙහෙත් ටික උගුරට බීලා ඉක්මනින් ලෑස්ති වෙන්න හිතුවේ පරක්කු නිසා..
හිතට දැනුනේ තරහවකද? දුකක්ද කියන්න මම දන්නෑ.. මගෙ මගේ ඇස් තෙමිලා බව දැක්කෙත් කණ්නාඩිය ඉස්සරහ මූණ බලද්දියි..
මම ලැස්තිවෙලා කාරෙ දොරවහද්දිම ආවෙ රිද්ම අයියා.. රිද්ම අයිය ගේට් එක ගාව නැවතුනේ මම ඔෆිස් ඇඳුමෙන් ලැස්ති වෙලා ඉඳපු නිසා වෙන්න ඇති."අදත් හාෆ්ඩේ දාන්නද ලෑස්තිය.. පව් යකෝ ගිවන්තයා.."
"ඇයි..?"
"නෑ උබ උදේ යනවා දවල් කාගෙ හරි කරපිටින් බොඩිමට එනවනේ.."
"එහෙමද හිතන්නේ..?"
"නෑ නෑ.. මේ දැන් ඔය ජැන්ඩියට ඇදගෙන ඔෆිස් යන්නේ, ලෙඩ හොදයිද බොට.."
"ඔව්, සනීපයි,බේතුත් තියනවනේ.."
"බෙහෙත්..? තව ඉතුරුද..? "
"නෑ මේ, සර්, ගෙනත් දුන්නා.."
"අහ් ඔව්, මගෙන් බේත් තුන්ඩුව ඉල්ල ගත්‍තා. මම තමයි කිව්වෙ බෙහෙත් ගන්න සල්ලි මදි උනා කියලා.. බැන්නත් එක්ක කිව්වෙ නෑ කියලා.. අපිට මොකො බං සල්ලි නැතුවද බං. අපි වගේ උන්ට බේත් වේලක් අරන් දුන්නම අහසෙ වළාකුළු හැප්පෙනවද මොකෝ.."
"ඔව් ඉතින්, ඇවිදින සල්ලි ගස් කියලනේ කියන්නේ, ඇඟෙන් කෑල්ලක් යන එකක් ය නේ...?"
හිතට එකඟව නොවුනත් මමත් ඒ පැත්තටම හුරේ දාගත්තේ, හිතේ සැකේ තියන එකා මම නිසාම හිතට බයක් දැනුන. රිද්ම අයියා මොනව හරි හිතයිම කියලා. ඒකයි මමත් එහෙම්ම කියලා දැනෙමේ..
දාහක් දේවල් ගිවන්ත ගැන අහන්න හිතුනත් කරබාගෙන රිදිම අයියා දුන්න හෙල්මට් එක ඔලුවට දාගෙන බයික් එකට නැග්ග.. රිද්ම අයියා වෙනදට වඩා හෙමින් යනවා වගේ තෙරුනේ මට ඔෆිස් එකට යන්න තිබ්බ හදිස්සියටම වෙන්න ඇති. ඔෆිස් එකේ සුපුරුදු සිසිලෙන් ඇඟ වෙලා ගනිද්දි පපුවෙ ඉදන් එන හැගීම් වලින් විතරක් මාව උණුසුම් කලා.