#හැටතුන_කොටස 💜️

2.8K 329 24
                                    

"මාහි.."

ඔව්, ඒ සර්.. මට දැනුනේ සතුටක්.. ඒ මගේ ආදරෙ මගෙ ළඟ නිසා..  වෙන කිසි දෙයක් මට දැනුනේ නෑ එවෙලේ. මට ඒ සිගරට් ඟද හොදට හුරුයි. ඒ හැම සුවඳක්ම මට හුරුයි. මම තාමත් ඇස් පියන් ඇයි.. මම ඇස් අරින්න උත්සහ කලා. මට ඕනේ උනේ ඇස් අරින්න..

'ස..ර්..'

මගෙ කටින් වචන පිට උනේ නෑ.. සර් මාව ඇඟටම හිර කරගෙන ඉඹිනවා විතරක් මට දැනුනා.. කතරට වහින වැස්සක් වගේ හැගීමක් දැනුනා.. නියඟය අල්ලපු පළාතකට ඇද හැලෙන වැස්සක් වගේ දැනුනා ඒ සිපගැන්නීම් මට.. මම උස්ම ගත්තේ ඒ හැගීම් එක්ක..
ඒත් ඇයි මට ඇස් අරින්න බැරි, ඇයි මට කතා කරගන්න අමාරු.. මම ඒ ගැන හිතද්දි සර් මාව උඩු බැලි අතට හරවගත්තා.. මම සර්ව දැක්කෙ එවේලෙයි.. දවල් ඇදගත්ත ඇදිමින්ම.. ඒ නිසා වෙන්න ඇති සර්ගේන් මම අඳුන ගත්ත දාඩිය සුවඳ එක්ක මුහු උන අරක්කු සුවඳ දැනුනේ.. වෙන උන්ට ගදක් වෙද්දි මට ඒවා සුවඳක් උනේ සර්ගෙන් විතරයි..

"මොණාද ප** කරන්නෙ දොරත් ඇරලා දාගෙන.."

"ස...ර් කොයිවෙලේද ආවේ...?"

"දැන්. වෙන මොකෙක් හරි ආවත් ඔච්චරනේ.."

ඒ මූණේ තිබ්බෙ තරහක්.. වෙනදට වඩා ඒ මූණ වෙනස්.. බීලා බීලා මත් වුන මූණක් සර්ට තිබ්බෙ. රැවුල දවස් දෙක තුනකින් නොකපපු ගානට රැවුලේ පිළිවෙල නැතුව ගිහින් තිබුනා... බීලා මත් වුන ඒ මූණ නිසා සර්ගෙ පෙනුම අද මම දැක්කෙ වෙනස්ම විදිහකට.. රැව්ල ඔෆිෂියල් විදිහට කපනවට වඩා මේම හිතුමතෙ වැවෙන්න දුන්නමත් ලස්සනක් තිබුනදෝ මන්දා සර්ට.. මම ඒ මූණ දිහා බලන් ඉදියා. මත් වුන මූණේ රතු උණ ඇස් මං දිහාවටම හරවගෙන ඉද්දි මම දන්නවා, මම සර්ට අනුව නම් කරලා තියෙන්නේ ලොකු වරදක්. මොකද කිව්වොත් ටැක්සි වලින් මුල්ම කාලේ ගෙදරට එන්න තහනම් වෙද්දි, ඩිලිවරි ඕඩර් එකක්වත් දලා කෑම එකක් උනත් ගෙන්න ගන්න තහනම් වෙද්දි මෙහෙම දොර ඈරලා නිදා ගන්න එක වරදක් තමයි.. සර් ඒ තරම් මාව මේ කොළඹ දි ආරක්ෂා කලා..

"අමතක උනා, සොරි.."

"හු**තක් කියනවා.. මොකෙක් හරි කුඩ්ඩෙක් ඇවිත් ඇරලා ගියත් ඔච්චර තමා.. සොරි.."

වෙරි මරගාතේ පිරිමින්ගෙන් බැනුම් අහලා තියද..? තමන්ගෙම කියලා හිතෙන කෙනෙක්ගෙන්.. මට දැනුනේ ඒ බැනුම් අහන් ඉන්න බැරි කමක්.. ඒත් හිත පිරුනා වගේ දැනුනා. මෙච්චර වෙලා මම බලාගෙන ඉදියේ හරියට 'සර් එනකම්'  කියලා වගේ  මගේ හිතට සතුටක් දැනුනා. මට සර් ගැන දැනුනේ ආදරයක්ද මම දන්නෑ... මට ඒ අත ඇල්ලුනා. මං දිහා සර් බැලුවේ සර්ගේ දකුණු අත දිහ.. මට අකුණක් ගැහුවා වගේ උනා. මම හින ලොකෙන් නැගිටලා සර්ගෙ අත අතෑරියා..

නෙගටිව් 💜️Where stories live. Discover now