#විසිඑක්වන_කොටස 💜️

4.8K 516 32
                                    

ගිවන්ත ගියත් හරි රිද්ම අයියත් නැගිටලා මගෙ පස්සෙන්ම වගෙ ආවෙ ෆෝන් එකත් කණේ තියන්..

"ඇයි.."

"හදිස්යෙම ඇවිත් තියෙන්නෙ මේ ජා-ඇල ෆයිල්ස් ටික අරන් යන්නලු.. මම මේ ටික දීලා එන්නම්.. අද මිනිහට සිහියක් නෑ.."

"අහ් හා.."

ගිවන්ත එහෙනම් ආයෙ ඒවි. මම ඊට කලින් කැබින් එකට පැන ගත්තා..
කරන්න වැඩකට කියලා තිබ්බෙ කඳාන ගාමන්ට් එකේ ස්ටයිල් ෆයිල් එක හදන ටික විතරයි. ඒත් හිත එක තැනක නෑ වගේ දැනුනා.. කල්පනා උනේම තිවේකා ගැන, සර් ගැන.. තිවේකා උදේම ගියා නම් ගිවන්ත ආවේ.. එතකොට තිවේකා කෝ..? වෙන උන් හිටියෙම නැද්ද එයට එක්ක යන්න.. රිද්මව එක්ක යන්න තිබ්බනෙ..  මගෙ හිත කල්පනා කලේ ඔය දෙවල්.. කැබින් එකට ආවේ ශ්‍රියානි ඇන්ටි..

"මහීම මහත්තයාගෙ කෑම එක.."

"කෑම, මගේ...? කවුද දුන්නේ.."

"පියල් දුන්නේ මහත්තයට දෙන්න කියලා.."

"පියල්..? හරි මම බලන්නම්. ඔතනින් තියන්න.. බොහොම ස්තුතියි.."

කෑම එකක් එවන්න ඇත්තේ ගිවන්ත වෙන්න ඇති. මම කෑම ටයිම් එක ආවම පියල්ගෙන් විස්තර අහ ගත්තා..

"ගිවන්ත මහත්තයා දෙන්න කිව්වෙ සර්ට.."

"අහ් හරි පියල්.. තැන්ක්‍යූ"

මම කෑම එක අරගෙන ගිවන්ත සර්ට කෝල් එකක් ගත්තා මේ ගැන අහන්න. සර් වැඩ ඇති.. මම ආයෙ ගන්න ගියේ නෑ. රිද්ම් අයියත් එක්ක මම කෑමට ගියේ ඊට පස්සෙයි..

"කෑම ගන්න ඕන්නෑ.. මං ගාව තියනව යං.."

"කොහෙන්ද බං.."

"වැඩක් නෑනේ ඒව.. එනවා යන්න.."

මම රිද්ම අයියා එක්ක බත් එක කෑව.. ඒක ලොකු වගේම කෑමත් රස බත් එකක්. ලොකු තැනකින් ඕඩර් කරපු..

"මේක මේ උඹට හම්බුන එකක් නෙවෙයි.. ඇත්ත කියපන්.."

"කනවකො, පස්සෙ කියන්නම්.."

"කෙල්ලෙක්වත් දා ගත්තද ඒ ටිකට.."

"මේම රහට උයන කෙල්ලෙක් නම් හා අම්මේ කිව්වලු.."

අපි කලා රිද්ම අයියගේ ප්ලේස් එකට ගියේ රිද්ම අයියා කතා කල නිසා.

නෙගටිව් 💜️Where stories live. Discover now