"ප#ද බලන් ඉන්නෙ නැගපං.."
තවත් හිතන්න දෙයක් තිබ්බෙ නෑ.. මම හිත හදාගත්තා. ඒත් රිද්ම අයියට ගිවන්තගෙ කාර් එක අදුර ගන්න බැරුවද මන්ද මට කතා කලේ ඔලුවෙන්..
"ස..ර් මම රිද්ම අයියට කියලා එන්.."
"මට කියලා හු#& ගන්නැතුව නැගපන් මාහී.."
සර්ගෙ සද්දෙ වැඩි උනා මම රිද්ම අයියා දිහා බලාගෙන කා එකට නැග්ගා.. මට දැනුනෙ තරහක්.. මොනාද මේ කරන පිස්සු වැඩ.. ඔෆිස් එකේ එක එකා එලියට බැහැලා යන වෙලව.. මම කළු විදුරු වලින් බැලුවෙ කවුරුවත් ඉන්නවද කියලා.. ලොකුහුස්මක් අරගෙන පිට කලේ ඒ ගමන්ම කවුරුවත් නැති නිසා. සිකුරිටි එකෙන් බලාගෙන.. උන් දුවගෙන ගිහින් ගෙට් එක ඇරියා..
මාව නග්ග ගත්තනම් යන්නොනේ. මොන මගුලක් කරනවද මන්දා.."යං දැන් ඉතින්,.."
'තවත් බලන් ඉන්නව මොකාද එකා වගේ යන්නැතුව.. මොන තරහක් පිරිමහනවද මන්දා..' මම මිමුණුවෙ මූණට කියන්න බැරි ටික..
"මොකද්ද කිව්වෙ උඹ.."
"ච්චඃ, යන් කියලා කිව්වෙ අනේ.."
"ෂීට් බෙල්ට් එක දා ගනින් ඉතින්, මට දාවන්නද කියන්නේ ඒකත්..."
මට තෙරෙන්නෙත් නෑ මේ මගුල මම ෂීට් බෙල්ට් එක දා ගන්න දගල දගල ඉද්දි සර් කා එක එලියට දාලා පාර දිගේ ගියා. මට වචනයක් කතා කරන්න උවමනාවක් තිබ්බෙ නෑ...
මම දැන් මොනාද කියන්නේ රිද්ම අයියා ඇහුවම.. ශිට්.. කරොත් කරන්නො ඔය වගේ ඔලමොට්ටල වැඩක් තමයි.
'හු#$ ගන්නැතුව නගින්නලු.. අමුතුවෙන් කර ගන්න දෙයක්ද ඒක. ලස්සනට කරේ ඒක එදා..' මට හිතෙ තිබ්බ තරහට ඔහේ කිය උනේ කට පල්ලෙමයි.."මොනාද උඹ දිව අස්සෙ කුටු කුටු ගන්නෙ.."
"මම සර්ට කිව්ව මගුලක් නෑ.."
"හෙන දුක ඇති අරුගේ ලබ්බෙ එල්ලිලා යන්න බැරි උන එකට...? "
"සර් හිතන දෙයක් මෙතන නැහැ නිකං පද හදන්නෙපා..."
"අකුරු වට්ට ගන්නෙපා.. පද හැදෙන්නෙ එතකොට, නිකන් නෙවෙයි.."
මම කට පියාගෙන විදුරුවට හේත්තුවක් දාගෙන ආව.. බොඩිම ඔෆිස් එක ගාවට ඇවිල්ලද.. වෙනවට වඩා ඉක්මනින් ඇවිත් නිසා මට එහෙම හිතුනා..
සර් බොඩිම ගාවටම ඇවිත් නතර කලම මම දඟලකා දා ගත්ත ෂීට් බෙල්ට් එක ගලව ගන්න බැරුව ඉදියා...