#පනස්හත_කොටස 💜️

3.3K 343 8
                                    

මම අම්මගෙ පපුවෙන් නැගිටලා බලද්දි සරුත් අම්මට තුරුල් වෙලා..මම ආයෙන අම්මට තුරුල් උනේ සර්ගෙ බෙල්ල වටෙත් අත යවන ගමන්..

"මට දෙන්නෙක් නෙවෙයි.. දහයක් උනත් වැඩි නෑ.. මට අද ගොඩාක් සන්තෝසයි.. මට මගේ කොල්ලො දෙන්නගෙ මූණ බලන්න ලැබුනානේ..."

"මාහි, අම්මට මොනා හරි දෙන්න කන්න..."

"කෑමක් ඕනෙත් නෑ මට දැන්.. මේ මූණු දෙක දැක්කම.."

"එහෙම කියලා බෑනෙ අම්ම.. කො, මොනා හරි කලා බෙහෙත් ටික බොමු.."

මම සර් දිහාත් බලල එහෙම කියාගෙන ඇදෙන් බැස්ස.. අම්මා බෑ කියද්දිම මම බත් කටවල් දෙකක් කවලා සුප් එකත් රාණිට කියලා රත් කරවගෙන සුප් එකෙනුත් හැදි 6ක් 7ක් පොවා ගත්තෙ බොහොම අමාරුවෙන්..
සරුත් අම්මා කනකම් ඇදේ කණක වාඩු වෙලා අපි දිහාම බලන් ඉදියා. ඒත් ඒ හිත තිබ්බේ වෙන කොහෙදෝ ලොකෙක.. බලන් ඉදලා බැරිම තැන මම අම්මට සුප් එක පොවද්දි මූණේ අංග උපාංග ඔක්කොම යොදාගෙන මූණු බාභාවෙන් ඇහුවෙ සර්ගෙන් ඇයි කියලා.. සර් යාන්තමට හිනාවෙලා මූණ දෙපැත්තට වනලා මොකුත් නෑ කිව්වට මම දන්නවා ඒ හිතේ ඇත්තේ අම්මා ගැන බයක්..
"නෑ බං,වෙන මොනා හරි ගැන වෙන්න බැරිද..?' මට එක පාරට මතක් උනේ වෙන දෙයක්...
අම්ම ගැන නෙවෙයි නම් සර් මේ කල්පනා කරන්නේ තිවේකා ගැනද..? විකාර අදහස් ආයෙම ඔළුවට එන්න ගනිද්දි මම ඒවා හිතා මතාම අමතක කරලා දැන්මා.

අම්මට බෙහෙත් ටිකක දුන්නෙ සර්ට වොශ් දාගන්න කියලා අතට ටවල් එකයි, සර්ගෙ හොදලා දලා තිබ්බ සරමකුයි බැනියමකුයිත් එක්ක..

"පුතා දැන් මහත්තයට රෑට ඉන්න කියන්න ඔහොම, දැන් යන්න බෑනේ රෑ වෙලානේ.."

අම්මගෙ තාලෙට නම් රෑ වෙලා, ඒත් සර්ට නම් තාම දවල් වරුව.. ඒත් මටත් ඕනේ සර්ව අද මෙහෙ නවත්ත ගන්න. ඒකමයි මම වොශ් දාන්න යැව්වෙ සර්ව..

"ඔව් බලමු.. අම්මත් කියන්න මම කිව්වට නවත්තින්නෑ ඔය යකා.."

"ගරු කරලා කතා කරන්න පුතේ.. ඔෆිස් එකේ සර් නේද මොනවා උනත්, අපිට මෙහෙම වැටීගෙන ඉන්න උදව් කලාට.."

අම්මට කෝහොම මම කියල දෙන්නද අපේ බැඳීම.. මම ලොකු හුස්මක් ගත්තත් අම්මට නොදැනෙන්න පිටකලේ ඒකත් අම්මට ප්‍රශ්නය්ක් වෙලා හාර අවුස්සයි කයන බයට..

නෙගටිව් 💜️Where stories live. Discover now