#හැත්තඅට_කොටස 💜️

2.9K 332 8
                                    

"ලතික.. යමං මට සර්ව හොයලා දීපං දැන්... "

මම කිව්වෙ සර් ලියපු මුල්ම අකුරෙ ඉදන් නොකඩවාම හැළුන කඳුළු බිංදු මැදින්...

හැමදේම මතකෙට එද්දි හැම ප්‍රශ්නයක්ම නිරාකරණය වෙද්දි සර් මට හොයාගන්න් බැරි දුරකට ගිහිල්ලද? මේ ගෙදර ඉඳපු මම මගෙ අතීතේ මත්කරගත්තා..

'මේ අහපන් සර්.. දැන් උබ මට කවුරු උනත් කමක්නෑ.. මගෙ තාත්තා උනත් කමක්නෑ. මේ අකුරක් ගානේ ලියලා තියෙන්නේ එහෙම බැදීමක් නෙවෙයි.. ඒක ආදරයක් විතරමයි... අපි මේ ගෙදර එකට ජිවත් උනානේ, ඒ කලේ අපි එහෙම් හැගීමකින් තුරුලු උනේ නෑනේ.. මේ සහොදර බැදීම මට බධාවක් උනත් මේ තරම් දුක් කන්දක් උහුලපු සර් උබව තවත් අහක දාන්න බෑ.. මං ඉදපු කාලේ කොයිතරම් ලස්සනට ඇන්ද එකෙද, දැක්කම සිරුවට එන්න හිතෙන පෙනුම.. නොකිව්වට ඉස්සර වැවෙන්න නොදී ටීම් කරන රැවුලෙන් කිව්ව හැකි සර් උබේ පිළිවල. හදිස්සියෙන් මට අස් අරන්න අමතක උන තේ කොප්පයක් වගෙ එකක් දැක්කම කුස්සියට ඇවිත් කොප්පේ හෙදෙනකම්ම බැනලා හොදලා තියලා යන්නෙ උඹේ පිලිවෙල නෙවෙයිද? කෝ ඒ ගිවන්ත සර්.. ඒ සර් නැතිකර ගත්තේ මං මයි නේද..?
මට දාස් වාරයක් සමාව ඉල්ලන ඕනේ.. ඉන්න තැනකින් එන්න මහත්තයෝ.. ඔයගෙ මාහි ඇවිත් ඉන්නේ..
ඒත්, උඹ තරහ ඇති නෙද මහත්තයො මං එක්ක... දලා ගිය නිසා... හ්ම්..'

"කොහෙද හු**තෝ ගියේ.. මොකා එක්කද මෙච්චර කල් ගිහින් හිටියේ.. ඇයි ආවේ ඉතින්.. ගිය දිහාවෙම ඉදහන්.. එන්නෙපා උඹ..."

' මාව දැක්ක ගමන් මෙහෙම කියලා පාඩුවේ ඉන්න එකක් නෑ ඔය අත මගෙ කණ හරහා යනවා විශ්වසයි.. ඒ අකුරු වල එහෙම තරහකුත් යට වෙලා තිබුනා..'

"ඔව්, මම දලා ගියා ඇත්ත.. ඒ කාලේ මගෙ හිතේ තිබ්බ ප්‍රශ්න දන්නේ මම විතරයි මහත්තයෝ.. මගේ අම්ම, ඔයා දන්නවනේ ඒ හැමදාම..
ලඟ ඉදී කියලා බලාපොරොත්තු උනේ සහොදරයෙක් විදිහට නෙවෙයි.. මම ආදරේ කලේත් එහෙම හිතන් නෙවෙයි..
එහෙම වෙද්දි මං කෝමද මහත්තයෝ මං හිත හදා ගන්නේ..? ඔයාගෙ අම්ම මගේ අයියමයි කියද්දි පොටො පෙන්නලා සාක්ශි පෙන්නද්දි, මම කෝමද මගෙ අයියට ආදරේ කරන්නේ.. මං මාවත් එපා කියලා ගියේ ඒකයි..

නෙගටිව් 💜️Where stories live. Discover now