ඒත් මැඩම් කිව්වා වගේ මම නැති වුනාම මේ හැමදේම හරියාවි..
මට ඔනේ මට මගේ කියලා අයිති කරගන්න ආදරයක් තමයි.. අම්මගෙ බඩ අපේ ආදරේට හරස් නොවෙන්න මම උඹව මැරුණත් දලා යන්නේ නෑ..."මොකුත් නොදැන ඔහේ නිදාගෙන ඉන්න සර් දිහා බලාගෙන මම හෙමින් මිමිනුවා වෙන්න ඇති... මම සර්ගෙ මූණට පාත් වුනා.. ජිවිතේ අන්තිම වතාවට මම ඒ නළල ඉඹ්බා.. හිල්ලුනේ ඒ උණුහුම මට හොදටම හුරු නිසා.. දලා යන්න හිතෙන එකක් නෑ කියලා මට හිතුන නිසා මම සර් දිහා නොබලම කමරෙන් සලෙට ආවේ ඇවිත් එළියට බැස්සෙ කලුවරේම බැග් දෙකත් අතට ගන්න ගමන්..
කොහේ කියලා යන්නද මම ගත්තේ රිද්ම අයියට කොල් එකක්.. මම දන්නෑ මම වැරැද්දක්ද කරන්නේ කියන්න.. ඒත් රිද්ම අයියා ගුටි කාලා තියෙන්නේ මං හින්දා.. මොනවා උනත් ලේ පෙරාගෙන වැටිලා ඉද්දි ඒ තුවල වල අමාරුව මට දැනෙන්න වගේ ගත්තා. මොකද මමත් ඒ අත් වලින් ගුටිකාලා තියනවා.. ලේ නොඑන්න මට ගහන ඒ පාරවල් වල සැර මම දන්නවා. මට එහෙම නම් රිද්ම අයියට කොහොම අමාරු දැනෙනවා ඇද්ද...
"අන්න හරිනේ.. උඹට ඕකනේ කර ගන්න ඔනේ උනේ නේ.."
ඒ, වචන ටික ඇහෙද්දිම මම දන්නවා වලියක් බව. මම නොකිව්වට ඉස්සෙල්ලම බැලුවේ සර්ගෙ තුවාල.. හිරීමක්වත් වෙලා තියනවා මම දැක්කෙ නෑ ඒත් ඇදුම් නම් එහෙ මෙහෙ වෙලා පොඩි වෙලා තිබුනා.. උඩ බොත්තම් නම් ඉතින් දෙකම කොහොමත් ගලවන්නේ ඉන්නෙ ඔෆිස් එකෙන් පිට..
වලියක් උනාද නැද්ද නෑ සර් දිහා බැලුවම නම්.. යකෝ ඌ විතරනේ ගුටි කාලා තියෙන්නෙ. එකක් දෙකක් ගහලා එන්න තිබ්බනේ මේ මිනිහට.. අච්චර ගහන්න තරම්.. මූ මිනිහෙක් වෙන්න බෑ.. මට දැනුන කේන්තියට ෆෝන් එකෙන් ඇඟිලි වෙව්ල වෙව්ලම රිද්ම අයියට කොල් එක ගත්තා..
"හෙලෝ රිද්ම අයියේ.."
"ඔව් කියනෝ. මොකෝ කලින් කට් උනා නේ කෝල් එක.. මම ගත්තා ආපහු.."
රිද්ම අයියා තාමත් මට ඇත්ත වහගෙන කතා කරන නිරෝගී කටහඩක් ඇහුනා. මම ඇත්ත දන්න නිසා හොදයි. මම මේ කිසිදෙයක් නොදන්නවා නම් රිද්ම අයියා කීයටවත් මට මේ ගැන කියන්නෑ.. ඒක මට සුවර්.. මට දැනුනේ හදිස්සියක්..