"අනෙ ප්ලීස් සර්.. මම ඊයේ රෑ නොහිටියෙත් ඒකයි.. මට බෑ මොකුත් ආයේ.."
"ඒ කිව්වේ..?"
"ඒ කිව්වෙ.. අ..අම්මා හොස්පිටල්. මම ඉන්නේ ඒ විකාරෙන්.. මට ටිකක් පාඩුවේ ඉන්න ඔනේ සර්.."
සර් ලොකූ හුස්මක් ගත්තා. ඒ හුස්ම මගේ පිට දිගේ ලාව වගේ ගලන්න ගත්තා. සර් මාව සර්ගෙ තුරුල්ලෙන් ඈත් කලා.. සර් ඇගෙන් නැගිට්ටවද්දි මට හිතුනේ ආපහු තුරුල් වෙන්න.. මට අයිති නැති උනත් ඒ පපුව මගේ... හැමදාම මම නිව්නෙ ඒ පපුවෙ. හැමදේම දන්නේ ඒ පපුව. ඇයි මට මේක කියාගන්න බැරි. මට මැඩම්ව මතක් උනා. අත් එකතු කරලා මට වැන්ද හැටි මතක් උනා.. මම සර්ගෙ තුරුල්ලෙන් නැගිටලා අලුත් ඇදුමක් බලලා ඇදගත්තේ හොස්පිටල් යන්න හිතන්...
අපි කාර් එකේ නැගලා යන ටිකට උනත් සරුත් මමත් වචනයක් කත කලේ නෑ. මතුපිටින් ඒක මට සහනයක් උනත් ටික ටික දුර යද්දි හිත ඇතුලෙන් ඒ ගැන මම දුක් උනා. මම උවමනාවෙන්ම වෙනස් වෙන්න දගලද්දි සර්ගෙ වෙනස මට හිත ඇතුලින් දරාගන්න බැරි උනා.. මම හොරැහින් සර් දිහා බැලුවේ ඒකයි..
ඉස්සර ඉඳපු සර්ගෙ පෙනුමට දැන් තියන පෙනුම කිට්ටු කරන්නවත් බෑ. ඔලුවෙ කොණ්ඩ ගස් වල ඉඳන්ම සර්ගෙ තිබ්බෙ වෙනසක් ඉස්සරට වඩා.. මම මටම හිතින් සාප කරගත්තා.. මේ හැමදේම එක වචනයකින් හරිගස්සන්න පුළුදන් නේද කියලා දැනෙද්දි මම මටම සාප කර ගත්තා..
'උඹ අද මෙතන ඉන්නෙ සර් නිසා මාහි, උඹට පුලුවන්ද ඔහොම හිතක් පපුවක් නැති ගානට ඉන්න..'"හැමදේම ටික දවසකින් හරියාවි මාහීම.. එතකන් ලොකූට වෙනසක් නොපෙන්වා ඉන්න.. ඒත් එයාට ලං වෙන්න හදන්න එපා. ඔයාට තෙරෙනවනේ මම කියන්නේ මොකද්ද කියලා.. ඒ ඉන්නෙ ඔයාගෙම අයියා.."
මට මැඩම් කියපු වචන කණ්වල දෝංකාර දෙද්දි සර් මගෙ පැත්ත හැරිලා බලලා කාර් එකෙන් බැස්සා.. මමත් ෂීට් බෙල්ට් එක පන්නලා බැස්සෙ අපි හොස්පිටල් එකට ඇවිත් තිබ්බ නිසා..
"එක්කෙනෙක් ගිහින් බලලා එන්න. වැඩි වෙලා ගන්න එපා..."
"හරි මිසී.., ස.. සර් ගිහින් එන්න.."
මට මුලින්ම යන්න කියද්දි මම පස්සට උනේ මගෙ අම්මා එහෙම දකින්න මම ආස නොවුන නිසා.. සර් නියමිත වෙලා තිබ්බ ජැකට් එක ඇදගෙන ඇතුලට ගියා..
මම තනි වෙන හැම වෙලාවකම හිතෙ තියන ප්රශ්න ටික පැසවලා ඕජස් ගලන තුවාලයක් වගේ උඩුදුවන්න ගන්නවා..
සර් ඇතුලට ගිය ටිකට මගෙ තුවාලේ උඩුදිව්වා.. සර් දන්නවා නම් ඒ සර්ගෙ අම්මා කියලා.. දෙයියනේ මම මොන තරම් ලොකු ඇත්තක්ද මේ වහගෙන ඉන්නේ.. සර් ගියාට වඩා මූණ බෙරිකරගෙන එලියට ආවේ මිසී කෙනෙක් එක්කමයි.. මම සර්ගෙ ඇස් දිහා බැලුවා..