පියත් අතෙ තියාගෙනම මම කලොඅනා කලේ උන දේවක් ගැන නෙවෙයි, වෙන්න තියනවා නම් ඒ දෙවල් ගැන.. වැස්සත් එක්ක දැනෙන සීතල හැගීම්, බය හිතෙන ජිවිතෙත් එක්ක උණ ගත්ත මගෙ ඇඟ ඇතුලාන්තයෙන්ම තවත් රත් වෙන්න ගත්තේ බයට, තරහට, දුකට වගේ ගොඩක් ගැහෙන හැඟීම් වලටමයි..
මම ආයෙමත් ගිහින් බැලුවෙ එක පයින් පාරකින් ගැලවිලා යන දොරේ කොන්ඩිපට්ටම හරියටම සම්පූර්ණයෙන්ම වැටිලද බලන්න..
මෙච්චර වෙලා ආපු, සයිඩ් බටන් එකක් ඔබලා රිගින් ටෝන් ඕෆ් කරපු කෝල් එක කට් වෙලා ආයෙම වයිට්බේර් වෙවී රිග්න් වෙන්න ගත්තා. ඒ කෝල් එකටත් මම ගැස්සිලා ගියේ දොරේ පලුද්දු තැනකින් ඇහැතියලා කලුවරේම කමරේට වෙලා මම බැලුවේ ගිවන්ත එලියේ ලඟ පාතක ඉන්නවද කියලා..
පෙන්න කවුරුවත් ඉදියෙ නෑ..හද එලිය වැටුන මිදුල සහ අවට හොදින්ම පෙනුනේ පොඩි සිඳුරකින් උනත් උවමනාවෙන් බලපු නිසා වෙන්න ඇති.. කවුරුවත්ම නොහිටි නිසාත්, මේ ඇමතුමත් විසන්දි උනොත් ගිවන්තට ඇමතුමකින් අවශ්‍ය වුන තොරතුරු ගන්න දෙපාරක් නොහිතා නෑවිත් ඉන්න තරම් තහන්චියක් ඌට කාගෙන්වත් නැති නිසාම මම ඇමතුමට උත්තර දෙන්න හිත හදා ගත්තා.. ඇමතුම ගත්තා මිසක් උත්තර දෙන්න මම හදිස්සි උනේ නෑ.. මම බලාපොරොත්තු නොවුන දෙවල් අහදි මට එක පාරටම කට ඇරුනේ නෑ..
"දැන් සනීපද,බෙහෙත් බිව්වද..?"
"කො, උඹට ඇහෙනවද.."
"අසනීපද, කතා කරන්න බැරි, මම එන්නද.."
මේකට උත්තර නොදී ඉදියා කියන්නේ මම ගිවන්තට එන්න කිව්ව හා සමානයි.
"නැහැ, ප්‍රශ්නයක් නැ.."
මම අමාරුවෙන් කතා කරන්න ගත්තා.. තොල කට වෙලිලා ගිහින් තිබුනා.. වෙලිලා ගිය තොල් වල සහ තල්ලේ කෙළ බිදක් නැතො දිව වැදිලා උච්චරනය වන වචන වල පවා තිබුනේ වියළි බවක්.. වෙනස් බවක්..
"රෑක කලා බෙහෙත් බොනව..උදේ වෙද්දි අඩු වෙයි. හෙට අනිවාරෙන්ම ඔෆිස් එන්න වෙයි.. ඒ නිසා සනීප වෙලා ඉන්න එක හොදයිනෙ.."
"මම ඔෆිස් එන්නෙ නෑ.."
"ඇයි ඒ.."
"මට තවත් උඹලගෙ ඔෆිස් එකේ වැඩ කරන්න අවශ්‍ය නෑ.. "