"මේ, සර් කාරයා කො.."
"ඇතුලට ගියා.. ඒක නෙවෙයි දේව්.. උඹ දැකලා තියද සර් ක්ලබ් එකට එනවා, යනවා..."
මට අහන්න තිබ්බ ප්‍රශ්නේ මම කෙලින්ම දේව්ගෙන් ඇහුවා.. දේව්ගෙ ඇස් දිහාම මම බලන් හිටියේ මං අකමැති උත්තරයක් නොලැබෙයි කියලා හිතන ගමන්...
"කවද්ද.."
"දවසක් කියන්න බෑ.. ඉඳල හිටලා මේ වගේ එහෙම ඇවිත් තියනවද..?"
"නෑ බං, පොර ඇවිල්ලා නෑ එහෙම. මම හිතන්නේ, උඹව ටොක් කරන කලේ මම ඌට හරස් වෙද්දි දැක්කයින් පස්සෙ දැක්කෙම නෑ.."
"උඹට හැම එකම ආතල් බං.. සිරියස් ගනින්කො මොනා හරි ඇවුවම.. මේ, උඹ හැමදාම වැඩට ආවනේ.."
"ඔව්, බල්ලො ආවා, මොකො කේස් එක කියහන්කො..."
"නෑ කෙස් එකක් නෑ.. මට කිව්වෙත් නෑ අද ක්ලබ් එන කතාවක්.. නෑ ඉතින් තාම මේක අස්සෙ රිංගනවද දන්නෑනේ ඒකයි.."
"ඇයි බයද අපි අල්ල ගනී කියලා.."
"ඔව් තෝව නම් විශ්වස නෑ කොහොමත්..."
"අනෙ තොගෙ නරි පඩයො ඕන්නෑ බොල අපිට.. "
"ඒ කියන්නේ උඹටත් හරි වගේ.."
"ඒවා පස්සෙ කියන්නම්කො.. ඒක නෙවෙයි, මොකො හදිස්සියෙම මේ පැත්තේ.."
"හදිස්සියක් නම් නෑ.. හදිස්සි වැඩ ඔක්කොම කරන් ආවෙ ගෙදරදි.."
"හ්ම්.. උඹව දැක්කම නම් පේනව හොද කැලරි ප්‍රමාණයක් දවසගානේ හම්බෙනවා කියලා.."
"අනෙ පලයං හුත්** යන්න.."
"හරි එහෙනම් කියහන්කො.. මොකො අද මේ පැත්තේ.."
"නෑ බං අපි ගමේ ගියා. මේ එන ගමන්.. අම්මට කොළඹින්ම බේත් ටිකක් ගන්නත් එක්ක.."
"අහ් එහෙම..."
"මහී යං.."
සර්, අපි ලඟටම එනකම් දැක්කෙ නෑ. දෙව්ගෙ කතාවත් නැවතුනේ සර්ගෙ සද්දෙට..
"සර්, මේ දේව්.."
"ආහ් කාලෙකින් දෙන්න සෙට් වෙලා තියෙන්නෙ.."
"ඔව්, ගිවන්ත සර් මහීමව එක්ක ගියා ගියාමයි එවන්නෙවත් නෑනේ මේ පැත්තේ.."