ඇත්තටම අතීතය අමුතුම රහක්... රහට ගෙව්වොත්...
ඔව් අපේ ඒ කාලේ, ඒ කාලේ කිව්වෙ මීට අවුරුද්දකට එක හමාරකට විතර කලින්, අපිට අපෙ නිදහස කියන එක උපරිමෙන් තිබ්බා.. ඒත් දැන් එක සීමාවකට කොටු වෙලා වගේ දැනෙනවා. උදේ නැගිටිනවා උයනවා දෙන්නම වැඩ ඉතින් එතන ඉදන්.. සර් ඉතින් අලුතින් ගත්ත ඉඩමෙමයි, ඔව් ඒකේ වගා කටයුතු කරගන්න ඕනේ.. ඒත් එක දවසක් නිවාඩුවක් දාපන් කිව්වම හරි අමාරුයි මිනිහට... හිත හදාගන්න එකම වචනයි තිබ්බෙ මට සර්ගෙන්..
"පිස්සුද මිනිහො, නිවාඩු දමාගෙන මගුල් නටන්න බෑ.. උඹ දන්නවනේ මං මොකටද නහින්නේ කියලා.."සර් මේ දත කන්නේ මඩුගල්ලගෙ වචනෙකට.. පහුගිය ටික එලවළු වලින් සෑහෙන්න පාඩු උනා. වැස්ස නිසා.. සර් බයේ ඉදියේ ඒදවස් ටිකේම, දැන් නම් ඉතින් ශේප්.. ඒත් මට දුකයි සර්ගැන මෙහෙම නැහුන එකෙක් නෙවෙයිනේ..හැමදේම මං හින්දා නේද කියලා මතක් වෙද්දි මං ලබාගත්තේ සතුටක්ද කියලත් වෙලාවකට හිතෙනවා.. සර්ගේ ටාර්ගෙට් එක මඩුගල්ලගෙ වචනෙ පරද්දන්න..
"ඕකට ඕවා බෑ.. බලහන්කො තව මාසෙකින් දෙකකින්.. බල්ලෙක් වගේ මංගාවට එන්නේ.. ඕකා සල්ලි වලට තනිඋන එකානේ...මං දන්නැද්ද.. කරුමෙට හරි මට ම ජාතක උන බල්ලෙක්නේ.."
අපි ලතික ලගේ ගෙදර ඉද්දි මඩුගල්ල සර් එහේ ආවේ අපි ඉන්න බවක් නොදැන.. ලතික ගේ අතින් කියන්න ඇති අපි ඉන්න බවක්.. ගෙටවත් ගොඩ නොවී පොර ගියෙ ඔන්න ඔය වචන ටික කියලා.. මම සර්ව බදාගෙන හිටියේ ලතිකගෙර් කාමරේට වෙලා සාලෙ පැත්තට යන්න නොදී තියාගාන්න..
"ඇතෑරහං මං අරූට බල්ලගේ ජාතකේ පෙන්නලා එන්න.."
"වදින්නම් මහත්තයෝ කියනදේ අහන්න.."
මට හයියක් නෑ සර්ව අල්ලගෙන ඉන්න. ඒ බව දන්න නිසා නොව්නත් තමන්ගේ අයියගෙ හැටි දන්නා මල්ලි නිසා වෙන්න ඇති ලතික ඇවිත් අපෙ කාමරේ දොර වහලා එලියෙන් අගුල දැන්මා.. මම සර්ව අතෑරලා හුස්ම ටිකක් වේගෙන් ගත්තේ හති අරින්නත් එක්ක.
සර්ගෙ ඇස් වෙනදා වගේම රතු වෙලා.. මාවත් තල්ලු කරලා කන්නාඩි මේසෙට අත් දෙක තියාගෙන සර් දිහාම බලාගෙන හිටියේ ඇයි කියන්න මම දන්නෑ. කොහොම උනත් මම ඒ පැත්ත බැලුවෙ කණ්නාඩි මේසේ උඩ තිබ්බ ක්‍රීම්, සෙන්ට් වගේ වීදුරු බෝතල් ටිකක් බිම වැටුන සද්දෙට..