මගේ උරහිස් වලට යටින් අතේ යාන්තමට තිබ්බ මශල්ස් වලින් අල්ලගෙන මගේ උඩ ඉඳන් පහලට බැලුවා.. හරි වේගෙන්.. ඒ වේගෙට සමානවම මාත් ඒ රූපේ දිහා බලන්න ඇති.. මගෙ අත් වලට දැනුනේ හුරු ස්පර්ශයක්.. ගොඩාක්ම ලඟින් දැනුන ස්පර්ශයක්.. මම ආයෙත් ඒ ඇස් දිහා බැලුවා..
ඒ තොල් වේලිලා ගිහින්, මගෙ දිහාම බලාගෙන හිටියේ කතා කරගන්න බැරුව වගේ.. මාව දැකලා පුදුම වෙලා වගේ.. මම, මගෙ අත් දෙක දිහා බැලුවෙ මං ඉස්සරහා ඉන්න කොල්ල මාව අල්ලගෙන වෙව්ලන නිසා..
මාස දහයකට පස්සෙ දැකපු මාව.. නෑ මාව නෙවෙයි දැකපු මහීමව දැකලා මේ තරම් ඉමෝශනල් වෙන්න තරම් මෙ කොල්ල කවුරු මහීමගෙ කවුරු වෙන්න ඇතිද..?"කොහෙද බං හු**තො මෙච්චර කල් ගිහින් හිටියේ.. කොච්චර නම් හෙව්වද?.."
මම ආයෙම බැලුවෙ ඒ ඇස් දිහා.. මට කිසි මතකයක් දැනුනේ නෑ ඒ ඇස් දිහා බලං ඉද්දිවත්.. මට දැනුනේ මොකුත් නොදන්න ලොකෙකට ආව වගේ හැගීමක්..
"කොහෙද ගිහින් හිටියෙ.. කතා කරපං මහීම.."
එක දිගට පිස්සුවෙන් වගේ එකම දෙයක් ඒ කටින් පිට උනා.. මම මහීම වෙන්න නොගත්ත උත්සහයක් නෑ.. හිත ඇතුලෙන් මම මාවම හොයන්න ගත්තා.
මගෙන් උත්තරයක් නැති කොට මගෙ අත් වෙදනාවක් දැනෙන තරම් හයියෙන් හොල්ලපු නිසා මම පියවි ලොකෙට ඇවිත් උත්තර දුන්නා.."නුවර ඉඳියේ බං.. උඹ කව්.."
ඌ මගේ සහෝදරයෙක්ද, යාලුවෙක්ද මොකෙක්ද දන්නෑ. මොකා උනත් මට කතා කරන්නවත් ඉඩක් දුන්නෙ නෑ..
"නුවරට වෙලා හු**වද.. මොඩ ප**.. අරූට අහු උනා නම් තෝ ඉතුරු කරන එකක් නෑ.."
"කාට අහු උනොත්ද?"
"වෙන කවුද ඉතින්, තොගෙ මිනිහා මිසක්.. මට වැඩක් නෑ උබේලගෙ ලව් සීන්.. යකො ඌ උඹට හම්බෙන්න කලින් මම නෙවෙයිද උබ ගාව්ස් ඉදියේ. අපි ගාව තිබ්බේ යාලු කම උබට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.. මම සතුටෙදි නැත්ත උබට අවුලක් ගියපු වෙලාවට මම ඉඳියනේ බං.. එහෙව් එකේ අඩුම ගානේ මටවත් ඉන්න තැනක් කිව්ව නම්.. අහ්.. මට ඇත්තටම මාරම අවුල් බං මහියා. සිරාම ෆට්ට අවුල බං මට ඒක.. යකෝ උබගෙ ජිවිතේ මම..."